×

නවසිලන්ත අගමැතිනිය ,අගමැති පදවියේ සිටිමින් මවු පදවියට

අගමැති තනතුර දරමින් සිටියදී කාන්තවක මවක් වූ ලොව දෙවන අවස්ථාව මෙය වෙයි.


නවසිලන්ත අගමැතිවරිය ජසින්ඩා ආර්ඩෙන් Jacinda Ardern අද උදෑසන දියණියක ප්‍රසූත කළාය. මෑත ඉතිහාසයේ රාජ්‍ය නායිකාවක සිය ධූරයේ සිටියදී දරුවකු බිහිකළ දෙවන අවස්ථාව මෙය වෙයි.

37 හැවිරිදි ජසින්ඩා ආර්ඩෙන් සති 6ක මාතෘ නිවාඩු ලබා ගනු ඇති අතර නියෝජ්‍ය අගමැති වින්ස්ටන් පීටර්ස් විසින් ඇගේ ධූරයේ කටයුතු භාරගනු ඇත‍.

තමන් මවක වීමේ බලාපොරෝත්තුවෙන් සිටින බව දන්වමින් ඈ මීට පෙර ප්‍රකාශ කලේ
ලොව කාර්යබහුල කාන්තාවක් මවක වීමේ ප්‍රථම අවස්ථාව තමන් නොවන බවත් ලොව සියළුම කාන්තාවන් මවුවරුන් වන්නේ දහසක් කටයුතු කරමින් සිටියදී බවත්ය .

1856 වසරෙන් පසු නවසීලන්තයේ බිහි වූ ලාබාලතම අගමැතිවරිය ආර්ඩෙන්ය.

ආර්ඩෙන්ට පෙර 1990 වසරේදී බෙනාසීර් භූතෝ අගමැති ධූරය දරන අතර තුර දියණියක බිහිකලාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි