×

විභාගයක් නිසා ඇල්ජීරියාවේ අන්තරජාලය අත්හිටුවයි.

විභාගය ආරම්භ කර පැයකට පසු සියළු ජංගම දුර කථාන ජාලයන්, සහ සියළු දුරකථන පහසුකම් ක්‍රියා විරහිත කිරීමට එරට රජය කටයුතු යොදා ඇත.


සියළුම උසස් විභාග වලදී සමස්ත රටේම සන්නිවේදන ක්‍රියාවලිය අඩපණ කරන්න ට ඇල්ජීරියානු Algeria රජය ක්‍රියා කර ඇත. ඒ අනුව විභාග කාලයේදී ඇල්ජීරියාවේ අන්තර්ජල පහසුකම් සම්පූර්ණයෙන්ම නතර කර දමනු ඇත.

එමෙන්ම විභාගය ආරම්භ කර පැයකට පසු සියළු ජංගම දුර කථාන ජාලයන්, සහ සියළු දුරකථන පහසුකම් ක්‍රියා විරහිත කිරීමට එරට රජය කටයුතු යොදා ඇත.

ජූනි මස 20 සට 25 අතර දින 5ක් මෙසේ සමස්ත රටේම සන්නිවේදන කටයුතු අඩපණ කිරීමට ඇල්ජීරියානු රජය සැරසෙන්නේ සිදුවන විභාග වංචා වැළකීම සඳහාය.

මින් පෙර 2016 වසරේ පැවති විභාගයන්හීදී සිදුව ඇති විභාග වංචා සහ විභාගයට පෙර ප්‍රශන පත්‍ර පිටවීම මෙම ක්‍රියාමාර්ගයට හේතු වී තිබේ.

ඒත් සමග පසුගිය වසරවලදී සමාජමාධ්‍යජාලා පමණක් විභාගය පවත්වන දින වල අත්හිටුවා තිබුණද ඉන් සෑහීමකට පත්වන්නට රජයට නොහැකි වී තිබේ.

එරට අධ්‍යාපන ඇමති නූරියා බෙන්ගාබ්රිට් පුවත්පතකට ප්‍රකාශයත් නිකුත් කරමින් කියා සිටියේ විභාගය පවත්වන සමස්ත කාලපරාසය තුළම රට පුරා ෆේස්බුක් සේවාව අවහිර කර ඇති බවයි.

රට පුරා විභාග මධ්‍යස්ථාන 2000කදී පවත්වන මෙම විභාගය සඳහා එහි ඇතුල්වන සියල්ලන්ට සියළු සන්නිවේදන උපකරණ තහනම් වේ. එය වැළැක්වීමට හඳුණාගැනීමේ තාක්ෂණික උපකරණ සෑම විභාග මධ්‍යස්ථානයකම දෙරටු අසල තබනු ඇත‍.

එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරන සෑම මුද්‍රණාලයකම ආරක්ෂිත කැමරා පද්ධති සවි කිරීමටද ඇල්ජීරියානු රජය පියවරගෙන ඇත.

මෙම විභාගය සඳහා මෙම වසරේදී ඇල්ජීරියානු ශිෂ්‍ය ශිෂ්‍යාවන් 700,000 සහභාගීවීමට නියමිතය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි