×

විනාඩි තුනකට කලින් දහවල් ආහාරයට ගිය ජපන් සේවකයෙකුට දඬුවම්.

මසකට පැය 100ක ට වඩා අතිකාල සේවයේ යෙදීම හේතුවෙන් සෑම ජපන් ජාතිකයන් පස්දෙනෙකුටම එක් අයෙකුගේ ජීවිත අවධානමේ.


නියමිත වේලාවට විනාඩි තුනකට කලින් සිය දහවල ආහරය ලබා ගැනීමට යෑම නිසා ජපානයේ සිවිල් සේවකයෙකු වෙත දඩුවම් කළ පුවතක් වාර්ථා වේ.

work-life balance නැත්නම් රැකියාව සහ ජීවිතය අතර සමතුලිත තාව පිළිබඳව දැඩි අර්බුධයක සිටින රටක් ලෙස ජපානය සැළකේ. මෙවැනි සිදුවීම් සමග එම තත්ත්වය නැවත නැවතත් රජයෙන් සහ ආයතන ප්‍රධානීන්ගෙන්  ප්‍රශ්න කරන්නට එරට ජනතාවට සිදුව ඇත.

අදාළ ආයතනයේ බලධාරීන් විසින් මෙම දඬුවම පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවතක් පවත්වමින් ප්‍රකාශ කර ඇත්තේ අදාල සේවකයා සිය වරද සම්බන්ධව දැඩි ලෙස කණගාටු වූ බවත් ඔහු ඊට සමාව ඇයැද සිටි බවත්ය. අදාල සේවකයා එරට සිවිල්  සේවය සඳහා ඇති නීති රීති කඩ කර ඇති බවට ඔවුන් චෝදනා කර සිටියි. ඒ සේවකයන් විසින් සිය රාජකාරිය සඳහා අවධානය යොමු කළ යුතු යැයි යන නීතියයි.

අදාළ සේවකයා නියමිත කාලයට විනාඩි තුනකට පෙර සිය මේසයෙන් නැගිට ආහාර මිලදී ගැනීමට යෑම දුටු ආයතනයේ ප්‍රධානියෙක් විසින් පැමිණිලි කිරීමෙන් පසු මෙම දඩුවම ඔහුට ලැබී ඇත.

මෙවැනි සිදු වීමක් වාර්ථා වන්නේ පාර්ලිමේන්තුව වෙත නියමිත කාලය ඉක්මවා පුද්ගලයින් සේවයේ යෙදවීම නීති විරෝධී ක්‍රියාවක් බවට පත් කෙරෙන පනතක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙන අවස්ථාවකය.

පසුගිය මාසයේදී එරට පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් මසකට පැය 100ක අතිකාලය ඉක්මවා සේවය කිරීම වැළැක්වීමේ අරමුණින් පනතක් සම්මත කරන ලදී. ජපානය තුළ පුද්ගලයින් බහුල වශයෙන් අනවශ්‍ය පමණට වඩා රැකියාවට යොමුවීමේ හේතුවෙන් මිය ගොස් ඇති බව අනාවරණය වීම මෙවැනි පනතක් ගෙන ඒමට හේතුවයි. මෙසේ පමණ ඉක්මවා සේවය කිරීමෙන් මිය යෑම karoshi, හෙවත් death from overwork ලෙස හඳුන්වනු ලැබේ.

2015 වසරේදී ජපානයේ වෙළඳ දැන්වීම් ආයතනයක් වන ඩෙන්ට්සු හී සේවිකාවක වූ මට්සුරි ටකහෂී සිය දිවි හානි කර ගත්තේ මසකට පැය 100කට වැඩි අතිකාල සේවයක් සඳහා ඇගේ ආයතනය විසින් බල කිරීමේ ප්‍රතිපලයක් ලෙසිනි..

ඒත් සමග ජපන් ජාතිකයන් පස් දෙනෙකු ගෙන් අයෙක් පමණට වඩා සේවය හේතුවෙන් මිය යාමේ අවධානමක සිටින බව එරට රජය විසින් අවධාරණය කර ඇත‍.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි