අගමැති දියණියට නමක් දෙන්න… නවසිලන්ත ජනතාවට ආරාධනයක්
1856 වසරෙන් පසු නවසීලන්තයේ බිහි වූ ලාබාලතම අගමැතිවරිය ආර්ඩෙන්ය.
අගමැති ධූරය හොබවමින් මවු පදවිය ලද ලොව දෙවන කාන්තාව වන නවසිලන්ත අගමැති ජෙසින්ඩා ආර්ඩෙන් jecinda arden ඊයේ දියණියක බිහි කළාය.
සිය දියණියට නමක් තබන ලෙස ඈ නවසීලන්ත ජනතාව වෙත පොදු ආරාධනයක් කළාය.
37 හැවිරිදි ජසින්ඩා ආර්ඩෙන් සති 6ක මාතෘ නිවාඩු ලබා ගනු ඇති අතර නියෝජ්‍ය අගමැති වින්ස්ටන් පීටර්ස් විසින් ඇගේ ධූරයේ කටයුතු භාරගනු ඇත.
තමන් මවක වීමේ බලාපොරෝත්තුවෙන් සිටින බව දන්වමින් ඈ මීට පෙර ප්‍රකාශ කලේ
ලොව කාර්යබහුල කාන්තාවක් මවක වීමේ ප්‍රථම අවස්ථාව තමන් නොවන බවත් ලොව සියළුම කාන්තාවන් මවුවරුන් වන්නේ දහසක් කටයුතු කරමින් සිටියදී බවත්ය .
1856 වසරෙන් පසු නවසීලන්තයේ බිහි වූ ලාබාලතම අගමැතිවරිය ආර්ඩෙන්ය.
ආර්ඩෙන්ට පෙර 1990 වසරේදී බෙනාසීර් භූතෝ අගමැති ධූරය දරන අතර තුර දියණියක බිහිකලාය.