×

ඛණිජ තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට ඔපෙක් (opec)තීරණය කරයි.

නමුත්ඛ නිජ තෙල් නිෂ්පාදනය කොතරම් ප්‍රමාණයකින් ඉහළ දමනවා දැයි යන්න ඔවුන්තී රණය කර නොමැත.


ලෝක ඛණිජ තෙල් නිෂ්පදනය වැඩි කිරීම සඳහා ලොක ඛණීජ තෙල් නිපදවන්නන්ගේ සංවිධානය වන ඔපෙක් opec සංවිධානය විසින් තීරණයකට එළැමී ඇත. ඒ මේ වන විටත් පවතින ලොක ඛණීජ තෙල් නිපදවන්නන්ගේ සමුළු වේදීය .

දැඩි සාකච්ඡා වට කිහිපයකින් පසු පසුගිය සිකුරාදා දින ඔපෙක් රටවල් මෙම තීරණයට එළැඹීණි.

ලොව ප්‍රධානතම ඛණිජ තෙල් නිපදවන්නා වන සවුදි අරාබිය මේ සම්බන්ධව ප්‍රකාශ කලේ මෙම තීරණය අනුව ලෝක තෙල් නිෂ්පාදනය දානකට තෙල් බැරල මිලියනයකින් ඉහළ යනු ඇති බවයි. ඒ ප්‍රතිශතයක් ලෙස ලෝක තෙල් නිෂ්පාදනයෙන් 1%කි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ඉරාකය පවසා සිටියේ නිශ්චිත ලෙසම ඉහළ යනුන ඇත්තේ දිනකට තෙල් බැරල 770000ක ප්‍රමාණයක නිෂ්පාදනයක් පමණක් බවයි. ඒ මේ වන විටත් ඛණිජ තෙල් නිපදවන බෙහෝ රටවල් වල තෙල් නීෂ්පාදනය අඩු වෙමින් පවතින බැවින් බව ඉරානයේ අදහසයි.

ලෝක ඛණිජ තෙල් නිපදවන්නන් අතර තෙවන ස්ථානයේ පසුවන ඉරානය මේ සම්බන්ධව දක්වන්නේ වෙනම අදහසකි ඔවුන් පවසන්නේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වුවමනාවට අනුව මෙම තෙල් නිෂ්පාදනය වැඩි කිරීම සිදු නොකළ යුතු බවයි. ඔහු පවසන්නේ ලෝක තෙල් මිල වැඩි වීමට මෙන්ම ලෝක තෙල් සැපයුම අඩු වීමට ප්‍රධාන වගකිව යුත්තා ඇමරිකා එක්සත් ජනපදය බවයි. ඒ ඇමරිකාව විසින් ඉරානය මෙන්ම වෙනිසියුලාව වැනි රටවලට පනවා ඇති සම්බන්ධාක හේතුවෙන් බව ඉරානය පවසයි.

ඔපෙක් සංවිධානය මෙවැනි තීරණයක් ගනු ලැබුවද නිෂ්චිතවම තමන් තෙල් සැපයුම කොතරම් ප්‍රමාණයකින් කළයුතුදැයි යන්න ගැන නිෂ්චිත තීරණයකට මෙහිදී එළැබී නැත. එමෙන්ම සාමාජිකයන් සියල්ලන්ගේ මතය වී ඇත්තේ තෙල් සැපයුම වැඩි කළ යුතු නමුත් එය සිදු කළ යුත්තේ වෙළඳ පළ විසින් නිර්මාණය කරනු ලබන ව්‍යාජ තෙල් හිඟයට පිළියමක් ලෙස එය සිදු නොකළ යුතු බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි