×

ට්‍රම්ප් තීරණය වෙනස් කරයි. උතුරු කොරියාවට එරෙහි සම්බාධක යළිත්.

උතුරු කොරියාව තවමත් ලෝක ආරක්ෂාවට බාධාවක්... ට්‍රම්ප් කියයි


උතුරු කොරියාවට එරෙහිව නැවතත් සම්බාධක පනවන්නට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරයි. ඒ හරියටම දින 10කට පෙර තමන් විසින්ම ගත් තීරණයක් වෙනස් කරමිනි.

උතුරු කොරියාවෙන් කිසිදු න්‍යෂ්ටික බලපෑමක් නැති බව මීට පෙර ප්‍රකාශ කළ ඇමරිකානු ජනපති වරයා නැවතත් සම්බාධක පනවමින් ප්‍රකාශ කලේ උතුරු කොරියානු න්‍යෂ්ටික අවි ආයුධ තවමත් අසාමාන්‍ය තර්ජනයක් බවයි.

පසුගියදා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවෙන් පසු ඇමෙරිකාව සහ දකුණූ කොරියාව අතර ඒකාබද්ධ හමුදා පුහුණූ වැඩසටහන් දෙකක් නවතා දැමීමට ඇමරිකාව විසින් තීරණය කරන ලදී.

නමුත් උතුරු කොරියාව විසින් සිය තීරණ කිසිවක් ක්‍රියා කිරීමේ අවශ්‍යතාවක් නෙපෙනෙන බව ඇමරිකානු ජනපති පවසයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙ පිළිබඳව පවසා ඇත්තේඋතුරු කොරියාව විසින් සිය න්‍යෂ්ටික අවි වැඩපිළිවල ඉවත් කරන තුරු ඔවුන්ට එරෙහි ඇමරිකානු සම්බාධක ලිහිල් නොවනු ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි