×

සිම්බාබ්වේ ජනපතිට බෝම්බ ප්‍රහාරයක්

අනූ නවයෙන් දිවි බේරේ


සිම්බාබ්වේ ජනපති එමර්සන් ම්නන්ගාවා Emmerson Mnangagwa ඔහු වෙත එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් දිවි ගලවා ගනු ලැබීය.

ඔහුට ඉතා සමීපයේදී පිපිරුමට ලක්වූ මෙම බෝම්බ ප්‍රහාරය සිදු වුනේ සිම්බාබ්වේ බුලවායෝ Bulawayo නගරයේ පැවති රැළියක් සඳහා ඔහු සහභාගී වෙමින් සිටියදීය.

රැළිය ඇමතීමෙන් පසු වේදිකාවෙන් ඉවත් වෙමින් සිටියදී ඔහුට මෙම ප්‍රහාරයට මුහුණ දෙන්නට සිදු විය. මෙම ප්‍රහාරයෙන් තවත් 15 දෙනෙක් අනතුරට පත් වූ අතර ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව එරට සෞක්‍ය ඇමති වරයා ප්‍රකාශයට පත්කර ඇත‍

මේ අතර උපජනාධිපති වරුන් වන කෙම්බෝ මොහාදි, සහ කොන්ස්ටන්ටිනෝ චිවෙන්ගාද ප්‍රහාරයෙන් තුවාල ලබා සිටින බවයි වාර්ථ වන්නේ.

වසර 37ක රොබට් මුගාබේ පාලනයෙන් පසු එරට ජනපති ලෙ තේරී පත්වූ ම්නන්ග්වා ප්‍රහාරයෙන් පසු මාධ්‍ය වෙත ප්‍රකාශ කලේ. මෙවැනි අත්දැකීම් තමන්ට පුරුදු බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි