×

වැඩි මුදලකට අලෙවි වූ ගාන්ධිතුමන්ගේ තැපැල් පත

එහි දිනය ලෙස 1924 වසරේ නොවැම්බර් 30 වන දින සටහන් වී ඇත.


අවිහිංසාවාදයේ පියා හෙවත් ඉන්දීය නිදහස් අරගලයේ නියමුවා වූ මහත්මා ගාන්ධි නැත්නම් මොහන්දාස් කරම්චන්ද් ගාන්ධි තුමන්ගේ අත්සන සහිත තැපැල් පතක් ඇමරිකානු ඩොලර් 20233කට අලෙවි වී ඇත. එනම් රුපියල් ලක්ෂ 33කට ආසන්න මුදලකටය‍.

මෙම තැපැල් පත ඉන්දීය නිදහස් ව්‍යාපාරයේ මෙන්ම කාන්තා අයිතිවාසිකම් ව්‍යාපාරයේද ප්‍රමුඛත්වය ගත් කාන්තාවක් වූ ඇනී බෙසන්ට් වෙත ලියා යැවූ තැපැල් පතකි. සිය පුතනුවන් වූ දේවුදාස් ගාන්ධිගේ චාරිකා සැළසුමක් සහිත පණිවිඩයක් මෙම තැපැල් පතේ ලියා ඇත. එහි දිනය ලෙස 1924 වසරේ නොවැම්බර් 30 වන දින සටහන් වී ඇත.


1948-01-30 දින ඝාතකයෙකුගේ වෙඩි පහරකින් එතුමා මිය ගියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි