×

පාකිස්තානයේ තලෙයිබාන් නායකයා ඝාතනය කෙරේ

සිසුන් 134ක් ජීවිතක්ෂයට පත් කළ පේෂාවර් ප්‍රහාරයේ වගකිව යුත්තා ඔහුය.


පාකිස්ථානයේ ත්‍රස්ත ක්‍රියා රැසකට මූලික වූ තලේබාන් නායකය වන මුල්ලා පස්ලුල්ලා ඝාතනයට ලක් වූ බව ඇප්ගනිස්ථානු ආරක්ෂක අංශ ප්‍රකාශ කළේය.

ඔහු මලාලා යුසුෆ් ඝාතනයට තැත්තළ මෙන්ම ෆේෂාවර් පාසලකට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ වගකිව යුත්තා ය . 2014 වසරේ සිදු පේෂාවර් ප්‍රහාරයේදී පාසැල් සිසුන් 132 කු ජීවිතක්ෂයට පත් විය.

මුල්ලා රේඩියෝ නමින්ද හඳුන්වන ඔහුගේ ඝාතන මෙහෙයුම සඳහා ඇමරිකානු හමුදා මෙන්ම නොටෝ හී සහයෝගයද ලබා දී තිබිණි.

පසුගිය මාර්තු මාසයේදී ඔහු ගැන තොරතුරු සපයන්නකු වෙනුවෙන් මිලියන 5ක මුදලක් ලබා දෙන බව ඇමරිකාව විසින් ප්‍රකාශ කළේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි