×

එංගලන්තය සම්මත කරන්නට හදන, ලෝකයටම අවශ්‍ය ”අප්ස්කර්ටින්ග් ලෝ”

ජංගම දුරකථන යොදා ගනිමින් අනවසරයෙන් කාන්තාවන් ගේ යටිකය ඡායාරූප ගත කිරීම මේ වන විට සමස්ත ලෝකය තුළම පවතින කාන්තාවන්ට එරෙහි අඩන්තේට්ටමකි.


කාන්තාවකගේ අවසරයකින් තොරව ඈ ඇඳ සිටින සාය හෝ ගවුමට යටින් ඇගේ යටිකයෙහි ඡායාරූප ගැනීම නීති විරෝධි කිරීම සඳහා වන නීති Upskirting law පැනවීමට පසු ගියදා එංගලන්ත පාර්ලිමේන්තුව වෙත පනත් කෙටුම්පතක් ඉදිරිපත් කෙරිණි.

අදාළ Upskirting law පනත හැකි ඉක්මනින් සම්මත කළ යුතුව ඇකි බව එරට අගමැතිවරිය උපදෙස් දෙනු ලැබුවාය. ඇය මේ සම්බන්ධව පැවසූවේ කාන්තාවක් එසේ අනවසරයෙන් ඡායාරූප ගත කිරීම යනු ආත්‍රමණශීලීව ඈ පීඩනයට මෙන්ම අවමානයට ලක් කරන්නක් බවයි

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසක් පනත් කෙටුම් පතට විරුද්ධත්වය දැක්වීත් සමගිනි.
මෙකී පනත් කෙටුම් පතාවකින් සම්මත වුවහෝත් වැරදි කරුවන් සඳහා වසර දෙකක සිර දඬුවමකට යටත් වන්නට සිදුවන්නේ කිසිදු සමාවකින් තොරවය.

මන්ත්‍රී වරයකුගේ විරෝධතාව කෙටුම්පත සම්මත කිරීමේ ක්‍රියාවලිය ට බාධාවක් විය. නමුත් ඔහුට විරුද්ධව අනෙක් මන්ත්‍රිවරුන්ගේ විවේචනය සහ බාධා එල්ල වූයේ මෙම පනතට විරුද්ධ වීම ලැජ්ජාවක් බව පවසමිනි.

Upskirting law පනත සම්මත කර ගැනීම සඳහා හේතු වී ඇත්තේ ජීනා මාර්ටීන් නම් තරුණියක සහ තවත් පිරිසක් විසින් වසරක් තිස්සේ ගෙන ගිය විරෝධතා ව්‍යාපාරයක ප්‍රතිපලයක් ලෙසය.

ජීනා මාර්ටින් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කිරීමට හේතු වී තිබුණේ ඈ සහභාගී වූ සංගීත සංදර්ශනයකදී යමෙක් විසින් ජංගම දුරකථනයකින් ඇගේ යටිකය ඇගේ අවසරයකින් තොර ඡායාරූප ගත කිරීමය.

ටික වෙලාවකින් මම දුටුවා යමෙක් කාන්තාවකගේ යටිකය ඡායාරූපයක් ජංගම දුරකථනයකින් බලමින් සිටිනවා.. මට තේරුණා ඒ මම කියලා… මගේ ඇස්වල කදුළු පිරුණා. මම ඔහුගේ වැරැද්ද ගැන පැහැදිලි කරද්දි ඔහු මාව තල්ලු කළා ..

තමන් මුහුණ දුන් අත්දැකීම ගැන ඈ මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණේ එලෙසයි.

ඉන් නොනැවතී ඇය ලක්ෂයකගේ සහයෝගයෙන් එරට නීති කටයුතු අමාත්‍යාංශය වෙත පෙත්සමක් ඉදිරිපත් කළාය.
මේ සඳහා ඇයට ලෝරා විට්මෝර් වැනි නිළියන්ගේ සහයෝගයද ලැබිණ.

Upskirting හෙවත් මෙසේ අනවසර කාන්තා යටිකය ඡායාරූප කිරීම ස්කොට්ලන්තය තුළ නීති විරෝධී වේ. ඒ ලිංගික සාපරාධී ක්‍රියා නීතිය යටතේය. මේ වන විට එංගලන්ත පාර්ලිමේන්තුවද එම උත්සහයේ නියැලෙමින සිටී.

ජංගම දුරකථන යොදා ගනිමින් අනවසරයෙන් කාන්තාවන් ගේ යටිකය මෙසේ ඡායාරූප ගත කිරීම මේ වන විට සමස්ත ලෝකය තුළම සීග්‍රයෙන් පැතිරෙමින් පවතී. එමෙන්ම එම ඡායාරූප සමාජමාධ්‍ය තුළ භාවිතා කිරීම නොනවතින ක්‍රියාවලියක් බවට පත්ව ඇත.

එංගලන්තය විසින් එරටට හඳුන්වා දෙන්නට උත්සහා කරන මෙම නීතිය.Upskirting law… අද ශ්‍රි ලංකාවද ඇතුළු බොහෝමයක් රටවල කාන්තාවන් ගේ අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙවැනි නීතීන් හඳුන්වා දීම අත්‍යවශ්‍ය වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි