×

ට්‍රම්ප්ට චීනයේ උපහාසය.

''බුද්ධිමත්තු පාලම් ඉදි කරති මෝඩයෝ ප්‍රාකාර (බැමි) ඉදි කරති''


ඩොනල්ඩ් ට්‍රම්ප් යනු කාලයෙන් කාලයට මොන යම් කරුණකට හෝ ජාත්‍යන්තරයේ උපහාසයට ලක් වන්නෙකි. ඒ අන් කවරදාකවක් කිසිම ඇමරිකානු ජනපති වරයෙක් උපහාසයට පත් නොවූ විරූ අයුරිනි.

පසු ගිය දා ඔහු චීන මාධ්‍ය තුළ මෝඩයකු බවට පත් විය. තම රටට එරෙහි බදු වැඩි කිරීමට විරුද්ධව චීන මාධ්‍ය විසින් ඩොනල්ට් ට්‍රම්ප්ව හාස්‍යයට ලක්කිරීමට පටන් ගත්හ.

”බුද්ධිමත්තු පාලම් ඉදි කරති මෝඩයෝ ප්‍රාකාර (බැමි) ඉදි කරති” .  ඔවුහු ට්‍රම්ට වහිං ඔරෝ භාෂාවෙන් මෝඩයා කීවේ එලෙසයි. “wise men build bridges but fools build walls”.

චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ 659 සදහා සියයට 25 කින් බදු ඉහළ නැංවීමට ඇමෙරිකා ජනාධිපතිවරයා තීරණය කිරීමත් සමඟ චීනය සිය විරෝධය ප්‍රකාශ කරමින් සිටී.

ඒ තුළින් ඇමෙරිකා ඩොලර් බිලියන 50 ක් පමණ උපයා ගැනීමට ඇමරිකානු රජය අපේක්ෂා කරයි.
බදු වැඩි කිරීම සම්බන්ධව ඇමරිකානු ජනාධිපති වරයා පවසන්නේ ඇමෙරිකාවේ තාක්ෂණය හා බුද්ධිමය දේපල අසාධාරණය ලෙස චීනයට හිමිවීම වැළැක්වීම මෙම බදු වැඩි කිරීමේ ක්‍රියා මාර්ගයේ අරමුණ වන බවයි.

භාණ්ඩ අපනයනය මුවාවෙන් චීනය විසින් නිෂ්පාදන ආකෘති, අදහස් වැනි බුද්ධිමය දේපළ පැහැර ගන්නා බව ඇමරිකානු මතයයි. ඒ ඇමරිකානු කොටස්කරුවන් හරහාය.

ඒ අනුව චීනයද ඇමරිකාවෙන් ආනයනය කරන භාන්ඩ මත බදු පනවා ඇත ඩොලර් බිලියන 34ක් වන කෘෂිකාර්මික භාණ්ඩද ඇතුළු කාර් සහ නාවික නිෂ්පාදනයන් මතයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි