මධ්‍යධරණී මුහුදේදී බේරා ගැනුද නැවත ඉතාලිය සහ මෝල්ටාව යන රාජ්‍යන් විසින් හරවා යැවූ සංක්‍රමණිකයින් ස්පාඤ්ඤය විසින් පිළිගෙන ඇත. ඒ සංක්‍රමණිකයින් 630 දෙනෙකි. සංක්‍රමණිකයින් පිරිස ස්පාඤ්ඤ යේ වැලන්සියා Valencia කඳවුරේ රඳවා තබනු ඇති.
මෙම සංක්‍රමණිකයින් පිරිසට අවශ්‍ය පහසුකම් සහ සෞඛ්‍ය පහසුකම් ලබාදීමටත් අවශ්‍ය රැකවරණය සැළසීමටත් ස්පාඤ්ඤ යේ නව සමාජවාදී රජය එකඟ වී ඇත. .
නව අගමැතිවරයා වන පෙඩ්රෝ සංචේස් පවසා සිටින්නේ මනුෂ්‍යත්වය ට එරෙහිව කටයුතු නවතාලිය යුතු බවයි. මෙම සංක්‍රමණිකයින් පිරිස අතර සංක්‍රමණික පිරිස අතර කුඩා ළමුන් 13සහ ගැබිනි මව්වරුන් 7දෙනෙකු සිටි බව සදහන් වේ
ඔවුන් පැය 20ක් තිස්සේ ඉතා කටුක මුහුදු ගමනකින් පසු පැමිණි ඔවුන් සුඩානය,නයිජීරියාව,එරිත්රියාව ඇල්ජීරියාව , පාකිස්ථානය , බංග්ලා දේශය ආදී රටවල් 26ක පිරිසකි.