×

කන්‍යාභාවය ඔප්පුකළ නොහැකිව සිරගතවන ඇෆ්ගන් කතුන්.

මෙසේ කන්‍යාභාවය පරීක්ෂාකිරීමේ කඩඉම (virginity test )පැන ගියද විවාහයෙන් පසු සිය ස්වාමියාට එය ඔප්පු කර ගැනීමේ හැකියාව නොලැබීම මත ඔහු හෝ ඔහුගේ පවුල විසින් කාන්තාවන් මරා දමයි. නැත්නම් ඇයට දැඩි දඬුවම් දෙයි.


හිටි හැටියේ තරුණ දැරියන් සිටින නිවෙස්වලට කඩාපනින ඇෆ්ගනිස්තාන පෙලීසිය ඔවුන් අත් අඩංගුවට ගන්නේ විවාහයට පෙර ලිංගිකව හැසිරීමේ වරදේ සැකකාරියන් ලෙසටය.
ඉනික්බිති හැරෙන්නටවත් බැරි,දැඩි දුඟදකින් යුත් සිරමැදිරියක ඔවුන්ගේ ජීවිත අතිශය දුක්බරය .

මේ වන විටත් ඇෆ්ගනිස්ථානයේ බාල්ක් Balkh පළාතෙහි සිරමැදිරියක තරුණ කාන්තාවන් 200ක් පමණ එක ගොඩේ දමා ඇත්තේ සිහිනෙනුදු නොකළ වරදකටය. මෙසේ තරුණියන් දුක් විඳින්නේ අධිකරණයේදී සිය කන්‍යාභාවය virginity test තහවුරු කර ගැනීමට නොහැකි වීම හේතුවෙනි.

කාන්තාවකට කාන්‍යාභාවය උපතින්ම අහිමි වෙන්නට පුථුවන් මෙන්ම විවිධ හේතූන් නිසා අහිමි විය හැකිය. නමුත් ඇෆ්ගනිස්ථානය තුළ එකී සත්‍ය්‍යයෙන් පලක් නැත . වැඩිවිය පැමිණිපසු කාන්තාවන් රෝහලකදී හෝ සායනයකකදී විද්‍යාත්මකව කන්‍යාභාවය පරීක්ෂා කිරීමට virginity test කාන්තාවන් යොමු කරති. එහිදී කන්‍යාභාවය ඔප්පුකර ගත නොහැකි වුවහෝත් ඔවුන් අපරාධකාරියන් බවට පත් කරයි. ඉනික්බිති ඔවුහු අවම පහසුකම් යටතේ පෙර සඳහන් කළ ආකාරයේ සිර මැදිරි වල සිර කරති. සිර මැදිරියේ ඔවුන්ගේ ජීවිත අතිශය දුක් බරය .. ඉතා කුඩා ඉඩකඩක ඉතා අපිරිසිදු මෙන්ම සෞඛ්‍ය සම්පන්න නොවන ජීවිතයක් ගත කරන්නට මෙම කාන්තාවන්ට සිදුවේ.

මම බාල්ක් සිර මැදිරියට ගියා .. එහි සිටින්නේ අවුරුදු 13ත් 21ත් අතර දැරියන්… ඔවුන්ට කන්‍යාභාවය පරීක්ෂාව සමත් වෙන්න නොහැකිවීම ඔවුන් සිරගත කිරීමට හේතුවයි. … ඔවුන් ගෙවන්නේ ඉතා දුෂ්කර ජීවිතයක්..Marie Stopes International හී අධ්‍යක්ෂ වරියක් වන ෆර්හාඩ් ජාවිඩ් Farhad Javid පවසන්නීය.

අෆ්ගනිස්තානය තුළ කාන්තාවන්ට එරෙහිව ක්‍රියාත්මක වන මෙම නීතිය තහනම් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් ආයතන විසින් එරට රජයට බල කරන ලදී..එරට ජනපති අෂාරෆ් ගානි ඒ අනුව පෙරොන්දු වූයේ නිසි ක්‍රියාමාර්ගයක් මඟින් මෙම නීතිය ඉවත දමන බවයි.. නමුත් තවද එය ක්‍රියාත්මක නොවී ඇති බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.

නීතිය මඟින් මෙම තරුණියන් සිර ගත කළ යුත්තේ මාස තුනක කාලයක් වුවද සිර ගත වූ පසු ඔවුන්ට අවරුද්දක් තරම් කාලයක් එහි ගත කරන්නට සිදු වන්නේ අහේතුකවයි. ඉන් පිටතට පැමිණි පසුද සමස්ත සමාජයම ඔවුන්ව පිළිකුල් කරන්නට පටන් ගනී ඔවුන්ගේ මුළු ජීවිත කාලයම අඳුරට වැටෙන්නට පටන් ගන්නේ එතැන් පටන්ය.. ඔවුන්ව ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් පවා පිළිකුල් කරති.

2016 වසරේ හියුමන් රයිට්ස් වොච් Human Rights Watch  සංවිධානය මඟින් නිකුත් කළ වාර්ථාවට  අනුව ඇෆ්ගනිස්ථානයේ සිර ගත කර ඇති කාන්තාවන්ගෙන් අඩක්ම මෙන්ම 95% බාල වයස් දැරියන් සිර අඩස්සියේ රඳවා ඇත්තේ ඇත විවාහයට පෙර ලිංගිකව හැසිරීමේ අපරාධයට අනුවයි. ඔවුන්ට අනුව එය සදාචාරාත්මක අපරාධයකි.

මෙසේ කන්‍යාභාවය පරීක්ෂාකිරීමේ කඩඉම පැන ගියද විවාහයෙන් පසු සිය ස්වාමියාට එය ඔප්පු කර ගැනීමේ හැකියාව නොලැබීම මත ඔහු හෝ ඔහුගේ පවුල විසින් කාන්තාවන් මරා දමයි. නැත්නම් ඇයට දැඩි දඬුවම් දෙයි.

අද වන විට බොහෝ කාන්තා සංවිධාන මෙන්ම මානව හිමිකම් සංවිධානද ඇෆ්ගනිස්ථානයේ තාන්තාවන්ට මුහුණ දෙන්නට වන මේ ඉරණමට විරුද්ධව සටන් කිරීමට පටන් ගෙන ඇත‍.
නමුත් මෙම හිංසනයන් සත්‍ය වශයෙන්ම අවසන් වන්නේ කවදාදැයි කිසිවකුටත් අනුමාන ක නොහැක.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි