×

මක්කම වඳින්න වරම් නැති අහ්මදියා මුස්ලිම්වරු

අහ්මදියාවරුන්ගේ කතාන්දරය


සෞදි අරාබි රජය ඇස්තමේන්තු කරන ආකාරයට මෙවර ද ලක්ෂ 20කට අධික මුස්ලිම් ජාතිකයෝ පිරිසක් හජ් වන්දනාවේ යෙදෙති. මෙම පස් දින වාර්ෂික හජ් වන්දනා සමය ආරම්භ වූයේ අගෝස්තු 19 වැනිදා ය. හජ්, ඉස්ලාම් ආගමේ කුලුනු 5 න් එකක් වන අතර, මුසල්මානුවකුගේ පරම ආගමික කර්තව්‍යයක් ලෙස හජ් වන්දනාව සැලකේ. නමුත් ලෝකයේ සියලු මුස්ලිම්වරුන් හජ් වන්දනාව සිදුකිරීමට සුදුස්සෝ නොවෙති.

සුන්නි සහ ෂියා වශයෙන් ඉස්ලාමය ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. මෙම ප්‍රධාන කොටස් දෙක තවත් අනු කොටස්වලට ද බෙදේ. එවැනි එක් අනු කොටසක් වන්නේ අහ්මදියා (Ahmadiyya) ය. අහමදියා අනුගාමිකයෝ තමන් සුන්නි මුස්ලිම් ජාතිකයන් වශයෙන් හඳුන්වා ගන්නා අතර, ඔවුන්ගේ ආගමික විශ්වාසය පැන නගින්නේ ඉස්ලාමයේ හනාෆි නිකායෙනි.

අහමදියා මුස්ලිම්වරුන්ගේ නිජබිම වශයෙන් සලකන්නේ පංජාබ් පළාතේ කදියාන් ය. 1889 වසරේදී සිර්සා ගුලාම් අහ්මද් විසින් මෙය නිර්මාණය කළ බව සැලකේ. මේ අනුව අහමදියාවරුන් සිය වක්තෘවරයා වශයෙන් සලකන්නේ මිර්සා අහ්මද් ය. මිර්සා අහමද් , ශුද්ධ වූ මහම්මද් තුමාගේ පුනරුප්පත්තියක් බව එම අනුගාමිකයන්ගේ විශ්වාසයයි. මිර්සා ගුලාම් අහමද් නව ඉගැන්වීම් නොකළ බවත්, ෂරියා ආගම පමණක් අනුගමනය කළ බවත් ඔවුහු වැඩිදුරටත් විශ්වාස කරති.

ඔවුන් හජ් වන්දනාවේ යෙදෙන්නේ ද නැත.

මේ නිසා ඉස්ලාමයේ සෙසු කොටස් අතර අහමදියාවරුන් මිත්‍යා ලබ්ධිකයන් සේ සැලකෙන බව ද පෙනේ. එයට ප්‍රධාන කාරණය වන්නේ අල්ලා දෙවියන් විසින් පොළොව මතට එවනු ලැබූ අවසන් වක්තෘවරයා මොහොම්මද්තුමා බවට මුස්ලිම්වරුන් අතර පවතින විශ්වාසයයි.

මූලාශ්‍රය – India Today



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි