×

ඉදිරි දශක දෙක තුළ ආසියානු කලාපයේ ගුවන් නියමු ඇබෑර්තු 240000 ක්.

එම ඇබෑර්තු සංඛ්‍යාවෙන් 50%ක් අවශ්‍ය වන්නේ චීනයටයි.


ඉදිරියේදී ඔබ හොඳ වැටුපකට රැකියාවක් බලාපොරෝත්තු වනවා නම් ගුවන් නියමුවකු වී චීනයට යෑමට සූදානම් වන්න.

ඉදිරි දශක දෙක සඳහා ආසියානු කලාපයට ගුවන් නියමුවන් 240000 ක් බඳවා ගත යුතු බව සුප්‍රසිද්ද ගුවන් යානා නාෂ්පාදන ආයතනයක් වන බෝයින්ග් සමාගම අනාවරණය කර ඇත‍
එම සමාගම විසින් ඉදිරිපත් කළ බෝයින්ග් අනාවැකිය නම් වාර්ථාව මේ බව හෙළි කරයි.

ආසියානු කලාපයේ ඉදිරි කාලය තුළ ඇතිවන කලාපීය ආර්ථික දියුණුවත් සමග එහි ඇතිවීමට නියමිත සමෘද්ධියත් සමග මිනිසුන්ගේ ප්‍රවාහන අවශ්‍යතාව ඉහළ නගිනු ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.

ඒ අනුව 2037 වන විට 240000ක ගුවන් නියමුවන් සංක්‍යාවක්ද 317000ක ගුවන් සේවක සේවිකාවන් සංඛ්‍යාවක්ද අවශ්‍ය වනු ඇත.

එම ඇබෑර්තු සංඛ්‍යාවෙන් 50%ක් අවශ්‍ය වන්නේ චීනයටයි.

මේ ව විටත් ආසියානු කලාපීය රටවල් ගුවන් නියමුවන් සහ කාර්ය මණ්ඩලය හිඟවීම නිසා සහ ඔවුන්ව පුහුණු කිරීමේ බාධා නිසා අපහසුතාවන්ට පත්ව සිටී.

මෙතෙක් සේවය කළ ගුවන් නියමුවන් බෙහොමයක් දෙනා මේ වනවිට සිටින්නේ විශ්‍රාම ගැනිමේ වයසේය. ඔවුන් බෙහෝමයක් ඉදිරි දශක දෙකක කාලය තුළ අනිවාර්්‍යයෙන්ම විශ්‍රාම ගනු ඇත. සාමාන්‍ය ගුවන් සේවාවන්ට අමතරව ඉදිරි යේදී ඉස්මතුවන්නට නියමිත හෙලිකොප්ටර් ටුවරිසම් සහ පෞද්ගලික සුඛෝප භෝගී ජෙටියානා බහුල වීම මෙම අවහ්‍යතාව ඉහළ යන්නට තවත් හේතුවකි.

බෝයින්ග් සමාගම පවසන්නේ චිනයට පමණක් ගුවන් නියමුවන් 128500ක් අවශ්‍ය වනු ඇති බවයි. එමෙන්ම ගිනිකොණ දිග ආසියාවට 48500කුත් දකුණු ආසියාවට 42750කුත් අවශ්‍ය වනු ඇත‍.

බෝයින්ග් සමාගමද මීට සරිලන ලෙස ගුවන් යානි නිපදවීමේ ව්‍යාපෘති සැළසුම් කරමින් සිටී. එමෙන්ම නව ගුවන් යානා සඳහා ඉහළ යනු ගෝලීය ගුවන් යානා ඉල්ලුමට සරිලන නිෂ්පාදන කිරීමටද ඔවුන් සූදානම් වෙයි.

මෙසේ ඇතිවෙමින් පවතින ගුවන් නියමු හා ගුවන් සේවක හිඟය ඉදිරියේදි ගුවන් යානා කර්මාන්තය අනතුරේ හෙළා ඇත‍.

ගුවන් නියමුවන් නොමැතිකම නිසා ඔවුන් විසින් වැඩි වැටුපක් ඉල්ලා සිටිනු ඇති අතර එමඟින් ගුවන් සේවාවන්හී ලාභය අවම වනු ඇත.

එමෙන්ම මේ වන විටත් චිනය සහ ඇමරිකාව මුලික කරගත් ගෝලීය ආර්ථික යුද්ධයද ගුවන් සේවා සමාගම් ව්‍යාකූල කරනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි