×

වසර මිලියන 99ට පෙර ජීවත් වූ නයි පැටවකුගේ ෆොසිලයක් සොයා ගැනේ

ලෝක විනාශය සිදු වූ අයුරු සොයා ගැනීමට මෙය වටිනා සාක්ෂියක් වෙන බව විද්‍යාඥයින්ගේ මතයයි.


මීට වසර මිලියන 99කට පෙර ජීවත් වූ නයි පැටවුකුට අයත් හිමායිත (frozen in time ) ෆොසිල කොටස් සොයාගෙන ඇත.

ඇම්බර් වර්ණයෙන් (කහපාටට හුරු)යුත් මෙම ෆොසිල මියන්මාරයේදී සොයා ගනු ලැබූ අතර ඔහු ඩයිනෝසරයන් මිහිමත ජීවත් වූ අවධියේදී සිටින්නට ඇතැයි පර්යේෂකයන්ගේ මතයයි.

මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරන විද්‍යාඥයින් පවසන්නේ මෙම ෆොසිල විශ්වාස කිරීමට පවා අපහසු අතිශය දුරුලභ දෙයක් ලෙසයි.

What the dawn snake of Myanmar may have looked like

කැනඩාවේ ඇල්බටා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මයිකල් කාල්ඩ්වෙල් පවසන්නේ මෙවැනි නයි පැටවකුගේ ෆොසිලයක් සොයා ගත් ලොව ප්‍රථම අවස්ථාව මෙය බවයි.

මිහිමත ජීවය බිහිවන යුගයේදී මෙම නයි පැටවා මියන්මාරයේ වනාන්තර ජීවත් ව ඇත. ක්සියාපීස් මියන්මාරෙන්සීස් Xiaophis Myanmarensisහෙවවත් ඩවුන් ස්නේක් dawn snake of Myanmar ලෙස මොහුව හඳුන්වයි.

The skin of a second specimen was found

මෙවැනිම තවත් ෆොසිලයක් නැවතත් සොයාගෙන ඇති අතර එය පෙර නයි පැටවා ගේ වර්ණයෙන් වෙනස් මිශ්‍ර වර්ණයක් සහිත විශාල නයෙකුගේ ෆොසිලයකි.

මෙම නයි පැටවා මෙලෙස හිමායිත ෆොසිලයක් බවට පත්වීමට හේතු වී ඇත්තේ ඔහු ගසක   ඇලෙන සුළු සතුවයකුගේ කොටස් ආරක්ෂිත ව තබා ගැණීමේ හැකියාවක් ඇති.මැලියම් අතර සිරවීම නිසා බව විශ්වාස කෙරේ.
මෙම මැලියම් වර්ගය ලොව මෙතෙක් සොයගෙන ඇති අග්‍රගන්‍ය පොසිල මැලියම් වර්ගය බවද මෙම පර්යේෂණයේ නියැලෙන විද්‍යාඥයින් ගේ මතයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි