×

ස්ත්‍රියක වීම සම වැටුප් නොලැබීමට හේතුවක් නොවන බව කියා දුන්, බී බී සී හී කැරී ග්‍රේසි‍

ලොව කොතැනද , කුමන තරාතිරමක,කුමන පසුබිමක,කා අතර වුවද කාන්තාවන්ට වෙනස් කොට සැළකීමේ පුරුද්ද තවමත් සමාජයෙන් තුරන් වී නැත.


එකම රැකියාව කරන දෙදෙනෙක් අතරේ අසමාන වැටුප් තිබීම , කෙතරම් අසාධාරණද ඒ අසාධාරණයට හේතුව ලිංගභේදයනම් …. පුරුෂයෙකුව ඉපදීම වැඩි පඩියක් ලැබීමටත් කාන්තාවකව ඉපදීම අඩු පඩියක් ලැබීමට හේතුවත්නම් … අප කථා කරන සර්ව සාධාරණත්වය, මානව හිමිකම් හෝ, සමානාත්මය අපට නැවත වරක් ප්‍රශ්න කිරීමට සිදු වේ.

කැරී ග්‍රේසී Carrie Gracie  .. ඈ වෘත්තීය මාධ්වේදිනයකි. සේවය කලේ බී බීසී ආයතනයේ චීන සංස්කාරකවරිය ලෙසයි.

සේවය කරන කරන කාලය අතර තුර වාර්ෂිකව ඈ ලැබූ වැටුප පවුම් 135000ක් විය .. නොපිරිහෙලා සිය සේවය ඉටු කළ ඈ පසුකාලිනව දැන ගත්තේ තමන් ලබන වැටුප තමන්ගේම තනතුරේ තමන්ට සමානම රැකියාවක් කරන පිරිමි සේවකයන්ට තමන්ට මෙන් දෙගුණයකටත් වඩා වැටුප් ලැබෙන බවයි.

මෙහි සාධාරණයක් කොහිද ඈ සිතුවාය.. ඈට පමණක් නොව එසේ නොසිතෙන්නේ කාටද? ඒ බී බීසී වැනි ජාත්‍යන්තර නමක් දිනූ ජාත්‍යන්තර රීතීන් මාලාවකට යටත් වූ ආයතනයක් තුළ වුව කාන්තාවකට මුහුණ දෙන්නට සිදුවන වෙනස්කමයි. අද ලෝකයේ බෙහෝමයක් කාන්තාවන්ගේ ඉරණම මෙය වෙයි… රැකියාවට ශ්‍රමය යොදවන්නේ සම සමව වුව එහි පළ නෙළා ගන්නට සිදු වන්නේ අසමවයි..

කෙසේ නමුත් මෙම තත්ත්වය හොඳින් තේරුම් ගනිමින් ඊට එරෙහිව සටන් කරන්නට සිතූ ඈ ඊට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබුවාය. ඒ අනුව සමාන වැටුපක් සඳහා ඇගේ අයිතිය නීතිමය වශයෙන් පිළිගැනූනි. ඇයට නියමිත වැටුපේ ඇයට අහිමු වුණ කොටස නැවත ලබා ගන්නට එහිදී ඈට හැකිවිය.  ඈ වෙත ලැබුණ මුදල පවුම් ලක්ෂයකි.

ඈ සටන් කළාය, සටනින් තමන්ට වූ අසාධාරණයට වන්දි සහ ඇගේ වටිනාකම ග්‍රේසීට හිමි ව්නට . එතරම් මුදලක් තනිව භුක්තිවිදින්නට කෙසේවත් ඈට අවශ්‍ය නොවීය.. තමන් සේම කාන්තාවක වීමේ දඩුවමට අවම වැටුපක් හිමිවන කාන්තාවන් වෙනුවෙන් එම මුදල යොදවන්නට සිතූ ඈ. කාන්තාවන්ට සමාන වැටුප් වෙනුවෙන් සටන් කරන කාන්තා අයිති වාසිකම් පිළිබඳ සමාජසේවා ආයතනයක් වෙත ඈ සියළු මුදල් පරිත්‍යාග කළාය…

”මා වෙත වැදගත් වන්නේ කාන්තා අයිතීන් උදෙසා අවහ්‍ය ප්‍රතිපත්තීන් නිර්මාණය වීමට අවශ්‍ය පසුබිම සැකසීම මිස මුදල් නොවෙයි…”

සිය සටනට සාධාරණත්වය හිමි වූ පසු ඈ එසේ පැවසුවාය.

ගැහැණු පිරිමි වැටුප් විෂමතාව gender pay gap

ඩොරිස් විච්සෙල්බර්මර් Doris Weichselbaumer සහ රැඩොල්ෆ් විනටර්එබ්මර් Rudolf Winter-Ebmer විසින්2005 වසරේදී කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබු‍ණේ ලොකයේ රටවල් 60කට වැඩි ප්‍රමාණයක මෙම ලිංග භේදය මත වැටුප් විෂමතාව පවතින බවයි. මෙම තත්ත්වය මේ වන විටද වෙනසක් නොවී ඇති බව වත්මන් සමීක්ෂණ වාර්තා පිළිබඳව අවධානය යෙමු කිරීමේදී පෙනී යන්නේය. ලිංගික භේදය මත වැටුප් විෂමතාව පිලිබඳව පැහැදිලි කරන ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකෙනොමික්ස් හී ඇලන් මැනින්ග් පවසන්නේ මෙම ක්‍රියාවලිය තව අවුරුදු 150ක් යන තුරුම නොවෙනස්ව පවතිනු ඇති බවයි. ඊිට හේතු ලෙස පෙන්වා දෙන්නේ වෙනස්කොට සැළකීම් සහ ඒ ඒ රජයයන්හී පවතින රාජ්‍ය ප්‍රතිපත්තීන් බවයි. 2011 වසරේ CMIcharted management institute විසින් අනාවරණය කර ඇත්තේ විධික ශ්‍රේණියේ කාන්තාවත සහ පුරුෂයෙකු අතර පැහැදිලි වැටුප් විශම තාව 2109 වන තෙක් නැති නොවනු ඇති බවයි.

මෙකී වෙනස් කොට සැළකීමට හේතූන් ලෙස පොදු සමාජය විසින් කියා සිටින්නේ කාන්තාව රැකියාව කිරීමට දක්වන අලස කම, ශරීර ශක්තියක් නොමැති කම, කාර්ය බහුලත්වය, අවම හැකියාව ආදී අසාධාරන මෙන්ම අසත්‍ය හේතූන්ය. ඒවා සාධාරණ නොවන බව මෙන්ම ඒවැනි හේතු කිසිදු තේරුමක් නැති හේතූන්ය.

තවත් බෙහෝ ආයතන වල මෙසේ කාන්තාවන් සඳහා පිරිමින්ට වඩා අඩු වැටුපක් හිමිවන්නේ මාතෘත්වය හිමිවීමේ දඩුවමක් වශයෙනි.

NBER 2018 වාර්ථාවට අනුව 1980 වසරේ සිට 2013 තෙක්ම ලිංග භේදය මත වැටුප් විෂම තාවට මුල් වූ ්‍රධානම හේතුව වී ඇත්තේ මාතෘත්වයයි. මෙවැනි කටයුතු වලදී සාම්ප්‍රදායික මාතෘ භූමිකාව ගැන ආයතන සිතීම මෙයට හේතුවයි.

ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියානු රටවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දැක ගත හැක්කේ පෞද්ගලික අංශයන් හී රැකියාවන් වලයි. කාන්තාවන් ගේ වැඩි දායකත්වයකින් පවත්වාගෙන යන ලංකාවේ ඇගළුම් කර්මාන්තයේ සහ වතු කම්කරු කාන්තාවන් අතර මෙම තත්ත්වය වැඩි වශයෙන් දැක ගත හැකි වේ.

ආසියාතික මෙන්ම බටහිර රටවලද මෙම තත්ත්වය දැකිය හැකිය යුරෝපයේ 74%ක් ආයතනයන්හී ගැහැණු පිරිමි වැටුප් අසමතුළත තාවක් පවතින්නේය.
විශේෂයෙන් දකුණු ආසියාතික කාන්තාවට තම නිවසේ කාර්ය භාරයෙන් 90%කම වැඩකොටසක් සහ වගකීමක් පවරී තිබුණද ඈට රැකියාවකට යන්නට සිදුවන්නේ වතින ආර්ථික අසීරුතාවන් හේතුවෙනි . නමුත් ඇයට තම සම තනතුරේ සිටින පිරිමියෙක්ට වඩා අඩු වැටුපක් හිමිවන්නේ අසාධාරණ හේතූන් මතයි.

ලොව කොතැනද , කුමන තරාතිරමක,කුමන පසුබිමක,කා අතර වුවද කාන්තාවන්ට වෙනස් කොට සැළකීමේ පුරුද්ද තවමත් සමාජයෙන් තුරන් වී නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි