×

එක්දරු සංකල්පය අතහැර තිදරු සංකල්පයට පැමිණි චීනය ..

චීනය එක් පවුලකට එක් දරුවෙක් යන සංකල්පය හඳුන්වා දෙනු ලැබුයේ 1979 වසරේදීය. එතැන් පටන් 2015 වසර දක්වා වසර 36ක කාලයක් චීනය තුළ මෙම සිමාව ක්‍රියාවට නංවන ලදී.


තවමත් ලොව වැඩිම ජනගහනයක් ජීවත් වන රාජය චීනය යි. මෙතෙක් එක් පවුලක් සඳහා එක් දරුවකුද පසුව දරුවන් දෙදෙනෙකුද සඳහා සීමා පනවා තිබූ චීනය නැවතත් දරුවන් තුන්දෙනෙක් එකි පවලුක් සඳහා හිමි කර දීමට චීන ජාතිකයන් වෙත අවසර ලබා දී තිබේ.

මේ වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිලිවෙළක් ලෙස 2019 වසර සඳහා චීන රජය විසින් නිකුත් කරනු ලබන තැපැල් මුද්දරයක් දරුවන් තිදෙනෙක් සහ දෙමන්වුපියන්ගෙන සමන්විත සූකර පවුලක සිතුවමක් සහිතව නිකුත් කර ඇත. 2019 වසර චීන සංස්කෘතියට අනුව 2019 වසර සූකරයාට අයිති වසරයි. එබැවින් මෙම පණිවිඩය ගෙන යෑම සඳහා චීනය සූකරයා භාවිත කර ඇත.

චීනය එක් පවුලකට එක් දරුවෙක් යන සංකල්පය හඳුන්වා දෙනු ලැබුයේ 1979 වසරේදීය. එතැන් පටන් 2015 වසර දක්වා වසර 36ක කාලයක් චීනය තුළ මෙම සිමාව ක්‍රියාවට නංවන ලදී. ඒ චීනයේ වැඩි වෙමින් පවතින ජනගහණය පාලනය කිරීමටය .ඉට පෙර 1970 සිට 1978 දක්වා කාලය තුළ එරට සාඵල්‍යතා අනුපාතය 5.8ක් වූ අතර එක් දුරුවකු සංකල්පය හඳුන්වාදීමෙන් පසු එය 2.7 දක්වා අඩු විය.. මෙම සීමාවන්ද සමග චීනය මේ වන විට මුහුණ දී ඇති බරපතලම අර්බුදය වී ඇත්තේ රටේ මහල්ලන් සංඛ්‍යාව වැඩිවිමය.

2015 වසරේදී චීනය එක් දරුවෙක් පමණක් සංකල්පයෙන් ඉවත්ව දරුවන් දෙදෙනෙක් සඳහා සීමාව ඉහළ දැමූ අතර එහිදීද එම වර්ෂයට අදාළව චිනය තැපැල් මුද්දරයක් නිකුත් කළේ සාමාජිකයන් සිවු දෙනෙකුගෙන් සමන්විත වඳුර් පවුලක සිතුවමක් බාවිත කරමිනි.

VISUAL CHINA GROUP/GETTY IMAGES

මේ වන වන විට දරුවන් දෙදෙනෙකුගේ සංකල්පයෙන් මිදී වසර 3කට පසු චීනය දරුවන් තිදෙනෙකුගෙන් යුක්ත පවුලක් සඳහා ජනතාව වෙත අවසර ලබා දී ඇත.

එමෙන්ම චීන රජය මේ වන විට විවාහක යුවල සඳහා එක් දරුවකුට වඩා වැඩි දරුවන් සංක්‍යාවක් ගැන සිතන්නට ඔවුන්ව දිරිමත් කරමින් සිටි. ඒ සඳහා රජය විසින් විවිධ දිරිදීමනා බදු අඩු කිරීම්, අධ්‍යාපනය සඳහා මෙන්ම නිවාස සඳහාද සහනාධාර ලබා දිම සිදු කරයි.

එමෙන්ම එක් දරුවෙක් සංකල්පයෙන් මිදීමට දෙමවුපියන් දිරිමත් කිරීමට ජනමාධ්‍ය වැඩටහන්ද හඳුන්වා දෙමින් සිටී. China Times පුවත් පත දක්වා සිටියේ ජාතික සාඵල්‍ය අනුපාතය වැඩිවීමට දරුවන් දෙදෙනෙක් යන සංකල්පය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

The Year of the Pig stamps have a 'happy family' theme

CHINA NEWS SERVICE

චිනයේ ජනගහනයේ වාර්ෂිකව මිලියන 25ක් ශ්‍රම බලකායෙන් ඉවත් වන අතර ඔවුන් සමාජයේ විශේස අවශයතා ඇති පිරිසක් බවට පත්වේ. එමෙන්ම 2050 වසර වන විට එරට ජනතාවගෙන් හතරෙන් එකක් එනම් බිලියන 1.3ක් වයස අවුරුදු 65ට වැඩි වනු ඇති බවට ගණන් බලා ඇත‍.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි