×

දෙවියන් වහන්සේ අඥානයෙක් … පිලපීන ජනපති කියයි.

බයිබලයේ සඳහන් ආදම් හා ඒව පිළිබඳ වෘතාන්තය හා කිතුණු දහම පිළිබඳ අදහස් දක්වමින් ඔහු ''කවුද මේ අඥාන දෙවියා '' "Who is this stupid God? ලෙස ඇස‍ිය


විවිධාකාරයේ පුවත් මවමින් සිටින පිලපීන ජනපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ  Rodrigo Duterte පසුගිය දා දෙවියන් වහන්සේ හැඳින්වීමට stupid අඥනයා යන වචනය භාවිතා කර ඇත. කතෝලිකයන් වැඩි පිරිසක් ජීවත් වන පිලපීනයේ ජනපති වරයා මෙසේ දෙවියන් ආමන්ත්‍රණය කිරීම මේ වන විට බොහෝමයක් පිරිසකගේ උදහසට හේතු වී ඇත.

රූපවාහිනියට කරන ලද කථාවකදී බයිබලයේ සඳහන් කථාවක් වන ආදම් සහ ඒව පිළිබඳ වෘතාන්තය සහ කිතුණු දහම පිළිබඳ අදහස් දක්වමින් ඔහු ”කවුද මේ අඥාන දෙවියා ” “Who is this stupid God? යනුවෙන් අසන ලදී..

වැඩි දුරටත් ඔහු පැවසුවේ කිතුණු ධර්මයේ කියැවෙන් ආදම් සහ ඒවගේ වැරදි ක්‍රියාව හේතුවෙන් සියළු මනුෂ්‍යයන් දූෂිත වී ඇති බවයි. ඔබ තවමත් ඉපැදී නැතත් දැනටමත් ඔබ හමුවේ ප්‍රකෘති පාපය ඇතැයි ලෙසද පැවසූ ඔහු කතෝලික තහම ප්‍රතික්ෂේප කලේ ”මේ කුමන අයුරේ දහමක්ද ? මට එය පිළිගත නොහැකියි ” “What kind of religion is that? I can’t accept it.” පවසමිනි.

මින් පෙරද පොදු ජනයා ඉදිරියේ සහාසික ප්‍රකාශ නිකුත් කිරීම මෙන්ම කාන්තාවන්ට එරෙහි ඔහුගේ ප්‍රකාශයන්ද ඔහු පිලිබඳ දැඩි චෝදනා එල්ලවීමට හෙතු විය

පිලිපීනයේදී ඔස්ට්‍රේලියානු ජාතික මිෂනාරි සේවිකාවක් දූෂණය කර මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2016 වසරේදී ඔහුගේ ප්‍රකාශය වූයේ , තමන් පුරපති කම් කළ නගරයේදී එය සිදුවූවා නම් දූෂකයන්ගේ පෝලිමේ මුලින්ම සිටින්නේ තමන් බවයි. පසුගිය වසරේ මැයි මාසයේදී ද ඔහු එවැනිම ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ කළේය. එහිදී සොල්දාදුවන් පිරිසක් අමතමින් ඔහු කීවේ, එක සොල්දාදුවෙකුට ගැහැනු 3 දෙනෙකු බැගින් දූෂණය කළ හැකි බවයි. පසු ගිය ජූනි මාසයේදී ඔහු දකුණු කොරියාවේදී ප්‍රසිද්ධියේ කාන්තාවක සිප ගත්තේය.

එමෙන්ම මින් පෙර ඔහු විසින් පාප් වහන්සේව අශිෂ්ඨ වචන භාවිත කරමින් විවේචනය කරන ලදී.

මෙවර ඔහුගේ ගොදුර වී ඇත්තේ දෙවියන්වහන්සේය.මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහුගේ නිළධාරියෙකු පවසා ඇත්තේ ජනපතිවරයා සිය පෞද්ගලික විශ්වාසය එසේ ප්‍රකාශ කර ඇති බවයි.

මින් පෙර ඔහුගේ ප්‍රකාශයන් කෙසේ වෙතත් 90% ආසන්න බහුතරයක් කිතුනුවන් සිටින පිලපීනයේ දෙවියන් වහන්සේව මෙසේ හැඳින්වීම ඔහු නොසිතූ ප්‍රතිපල උදා කරනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි