×

සතියකට පසු ඉන්දුනීසියාවේ තවත් භූමි කම්පාවක්.

බාලී දූපත ආසන්නයේ පිහිටි තවත් දූපතක් වන ලොම්බොක් හී මාතරම් ප්‍රදේශය මෙම භූ කම්පනය නිසා වැඩි වශයෙන් විනාශ යට පත් වී ඇත‍.


ඉන්දුනීසියාවේ ඇති වූ භූමි කම්පාවක් නිසා වන විට 82ක් මිය ගියහ. සති දෙකක කාලයක් තුල ඇති වූ දෙවන භූ කම්පනය මෙය වන අතර මේ හේතුවෙන් ඉන්දුනීසියාවේ සුනාමී අවධානම ක් පිළිබඳවද ජනතාව දැනුවත් කර ඇත.

මේ හේතුවේ මේ වනවිට දහස් ගණනින් ගොඩනැගිලි විනාශ වී ඇති අතර බාලී දූපත ආසන්නයේ පිහිටි තවත් දූපතක් වන ලොම්බොක් හී මාතරම් ප්‍රදේශය මෙම භූ කම්පනය නිසා වැඩි වශයෙන් විනාශ යට පත් වී ඇත‍.

රික්ටර් මාපකයේ 6.9ක් ලෙස සටහන් වූ මෙම භූමි කම්පාව නිසා තුවාල ලැබු පිරිස මේ වන විටද රෝහල් කරා යොමු කරමින් පවතී.

ඉන්දුනීසියාව පෘථවියේ භූ කම්පන සහ ගිනි කඳු නිතර ඇතිවන පැසිපික් වළල්ලPacific rim හෙවත් අගිනි වළල්ල Ring of Fire ආශ්‍රිතව පිහිටා ඇති හෙයින් එහි භූකම්පන නිතර ඇති වීමේ ප්‍රවණ‍ෙවක් දැකිය හැකි වේ.

මින් පෙර 2016 වසරේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා හී ඇති වු භූමි කම්පාවක් හේතුවෙන් විශාල පිරිසක් මිය ගිය අතර 40000 වැඩි පිරිසක් අවතැන් විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි