×

පැරිසිය කැළඹූ එළිමහන් මුත්‍රා පෙට්ටි

ඔවුන්ට අනුව එක් පුද්ගලයෙක්ගේ වසරක මූත්‍රා මඟින් වර්ග මීටර් 400ක තිරිඟු වගාවකට ප්‍රමාණවත් නයිට්‍රජන් , පොස්පරස් ඇතුළු පොහොර නිෂ්පාදනය කර ගත හැකි වෙයි.


සියළු දේශපාලන ආර්ථික ප්‍රශ්න අභිබවමින් පැරීස් නුවර ජනතාව අතර කථාබහට ලක්ව ඇති නවතම මාතෘකාව වන්නේ එරට රජය විසින් පැරිස් නගරයට හඳුන්වා දුන් නවතම එළිමහන් මුත්‍රා කුටි.

පැරිස් නගරයට ඇතුල්වන සමහර පුද්ගලයින් විසින් නගරයේ තැනින් නැත මුත්‍රා කිරීමට පිලියමක් වශයෙන් බලධාරීන් නගරය පුරා සම්පූර්ණයෙන්ම වටපිටාවට නිරාවරණය වූ මුත්‍රා පෙට්ටි තනන්නට කටයුතු කර ඇත. නමුත් බලධාරීන්ගේ අරමුණු අභිබවමින් මේ වන විට එය සමහර ජනතාව පිළිකුළින් හෙළා දකින්නට පටන්ගෙන ඇත‍.

සැබවින්ම මූත්‍රා කිරීමට සකසන කුටියක් යැයි තේරුම් ගත නොහැකි ලෙස ඉදිකර ඇති මෙම මුත්‍රා පෙට්ටි. බැලූ බැල්මට දිස්වන්නේ මල් පෝච්චියක් ආකාරයෙනි. සෑම වීදියක්ම කොනේ ප්‍රසිද්ධියේ තබා ඇති මෙම මූත්‍රා පෙට්ටි රතු සහ සුදු වර්ණයෙන් වර්ණ ගන්වා ඇත. ඒ අහළ පහළ මූත්‍රා පෙටිටියක් ඇති බව හඟවන සංඥාද සටහන් කර ඇත්තේ ඕනෑම අයෙක්ය පාරේ ගමන් ගනිමින් සිටිනා විට මූත්‍රා පෙට්ටියක් සොයා ගැනීමට පහසු අයුරිනි.

එමෙන්ම බලධාරීන් විසින් මෙම මූත්‍රා පෙට්ටි ස්ථාපිත කිරීමේදී ඒ අවට දර්ශණිය පසුබිම ගැනද සැළකිලිමත් වී ඇත. භාවිත කරන්නාට ගංගා, ගස් කොළන් හොඳින් පෙනෙන ලෙසත් ඒවායේ සිසිලස විඳිමින් මූත්‍රා කළ හැකි පරිද්දෙන් මෙම පෙට්ටි තනා ඇත‍. එමෙන්ම මුත්‍රා නිසා අතිවන දුගඳ නොදැනෙන පරිද්දෙන් විශේෂ ක්‍රමයකට මෙම පෙට්ටි නිර්මාණය කර ඇතැයි මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් නගරයේ බලධාරීන් පවසයි. එමෙන්ම ඔවුන් එම ප්‍රකාශනයේ සඳහන් කර ඇත්තේ මෙම මුත්‍රා පෙට්ටි පරිසර හිතකාමී බවත් එමගින් අවට උද්‍යාන සඳහා කොම්පෝස්ට් නිපදවා ගත හැකි බවත්ය. ඔවුන්ට අනුව එක් පුද්ගලයෙක්ගේ වසරක මූත්‍රා මඟින් වර්ග මීටර් 400ක තිරිඟු වගාවකට ප්‍රමාණවත් නයිට්‍රජන් , පොස්පරස් ඇතුළු පොහොර නිෂ්පාදනය කර ගත හැකි වෙයි.

බලධාරීන් එසේ පැවසුවද මෙම මුත්‍රා පෙට්ටි නගරවාසීන්ගේ උදහසටත් කෝපයටත් හේතු වී ඇත‍. එබැවින් ඔවුන් විසින් මූත්‍රා පෙට්ටි නගරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක්ද සංවිධානය කරන ලදී.

ඔවුන් පවසන්නේ තමන් අවට පරිසරයට ගෞරව නොකරන්නන්ට මෙය හොඳ වුවද නගරයට ආදරය කරන නගරවැසියන්ට මෙය ඉමහත් කරදරයක් බවයි.

තමන්ගේ නිවස ඉදිරියේ වෙනත් අයෙක් මූත්‍රා කරනු දැකීම යහපත් නොවන බව ඔවුන්ගේ අදහසයි.

නමුත් පැරිස් හී නගරාධිපතිවරයා ඒරියල් වෙයිල් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ මෙම මුත්‍රාපෙට්ටි යනු බුද්ධිමත් සොයාගැනීමක් බවයි.

පැරීසිය මෙසේ මූත්‍රාපෙට්ටි සවිකර ප්‍රථම යුරෝපා නගරය නොවන්නේය මීට අමතරව ඇම්සිටර්ඩෑම්, බෙල්ජියම් හ ඔස්ට්‍රේලියානු නගර වලද මෙම මුත්‍රා පෙට්ටි අත්හදා බැලීම සිදුකරමින් සිටී.

මෙම මූත්‍රා පෙට්ටි වල ඉතිහාසය අද ඊයේක නොව ශත වර්ශ ගණනාවක ඈතට දිව යන්නකි.
ප්‍රංශයේ එළිමහන් මහජන මූත්‍රාකුටි තැනුනේ 1800 වසරේදීය. ඒ සංචාරක පිරිමින්ට සහ විවිධ කාර්යන් සඳහා නගරයට එන ජනතාවටයි.

නමුත් කාන්තාවන්ද රැකියා කරන්නට පටන් ගැනීමත් සමග ඒවා ආවරණය වූ මූත්‍රා කුටි බවට පත්විය.

ලෝකයේ මහජන ම්‍රත්‍රා කුටි සඳහා මුදල් ගෙවීම ආරම්භ කලේ ලන්ඩනයයි. මුල්කාලයේ ලන්ඩනයේ මහජන මුත්‍රාකුටියක් භාවිත කිරීම සඳහා වරකට පාන් රාත්තලක් සඳහා ලෙවන්නට වන මිලට සමාන මිලක් ගෙවන්නට සිදු වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි