×

පුරාණ ඊජිප්තු මමීකරණ වට්ටටෝරුව සොයා ගනි.

ශාක වල මැලියම් හා තෙල් වර්ග එකට මිශ්‍රකිරිමෙන් මළසිරුර බැක්ටීරියා වලින් ආරක්ෂා වන අතර දිරාපත්වීමද වළකා ගත හැකි බව සිදු කල පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.


පුරාතන ඊජිප්තු වැසියන් විසින් මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු කල් තබා ගැනීම සඳහා භාවිත කළ ඖෂධ වට්ටෝරුව සොයා ගැනිමට යෝර්ක් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබේ.

මීට වසර 3700ක් පැරණි ක්‍රි පුර්ව 3500ට අයත් ඊජිප්තු මමියක් පිළිබඳව කරන ලද රසායනික වෛද්‍ය පරීක්ෂනයක් මඟින් මෙම හෙළි කර ගැනිම සිදු කර ඇත.

මෙම මමීකරණ වට්ටෝරුව පුරා‍ණ ඉජිප්තුවේ ඉතා ප්‍රචලිත එකක් වූ අතර මෙම සොයා ගැනීම පිළිබඳ වාර්ථාව Journal of Archaeological Science හි පල කරන ලදී.

අනාවරනය කර ගෙන ඇති මමිකරණ වට්ටටෝරුවේ අඩංගු වූ ද්‍රව්‍ය වන්නේ

  • බොහෝ දුරට තල තෙල් යැයි විශ්වාස කල හැකි පැළෑටි මඟින් නිපදවා ගත් තෙල් වර්ගයක්.
  • කූඩලු වර්ගයේ ශාකයක මුල්
  • ශාකයකින් ගන්නා ලද ලාටු. බෙහෝ විට ඇකේෂියා ශාකයේ යුෂ වලින් සෑදූ සිනි විය හැකියි.
  • දේවධාර වර්ගයකින් ගන්නා ලද මැලියම් (බොහෝ දුරට ෆයින් ගසෙන්)

මෙවැනි ශාක වල මැලියම් හා තෙල් වර්ග එකට මිශ්‍රකිරිමෙන් මළසිරුර බැක්ටීරියා වලින් ආරක්ෂා වන අතර දිරාපත්වීමද වළකා ගත හැකි බව සිදු කල පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

එමෙන්ම මෙම නවතම පරීක්ෂණ වලට අනුව මමීකරණයේ පියවරයන්ද ඔවුන් විසින් ඉදිරිපත් කර තිබුණි

  • මළ සිරුරින් මොළය ඉවත් කිරීම- බෙහෝ දුරට මේ සඳහා මොලයේ කොටස් දිය කර ඉවත් කර ඇතැයි විශ්වාස කරයි.
  • අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ඉවත් කිරීම
  • සිරුර ස්වභාවිත ලුණු වල බහාලීම සහ වියැළීම
  • කල්තබා ගැනීමේ ඖෂධ වට්ටොරුව ගැල්වීම
  • හණ වලින් සෑදු රෙදිවලින් සිරුර එතීම.

ඊජීප්තු සංස්කෘතියේ හදවත බඳු වූ මෙම මමීකරණ ක්‍රියාවලිය වසර දහස් ගණනකට පසුත් අනාවරණය සඳහා විදයාඥයින් වෙහෙස ගනී. අද පවතින නව තාක්ෂණයෙන්ද එහා ගිය දියුණු ක්‍රම වේද ඔවුන් සතුව තිබු බව ඊජිප්තු පිරමීඩ සහ මමී. හොඳ උදාහරණ වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි