×

ඉතියෝපියානු දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් .

මේ සම්බන්ධයෙන් වූ යෝජනාව සති දෙකක සාකච්ඡා කාලයකින් පසු පසුගිය පස් වන දා පාර්ලිමේන්තු විසින් සම්මත කෙරිණි.


පොදු සමාවක් යටතේ සිය භාරයේ සිටි දේශපාලන සිරකරුවන් දහසකට අධික ප්‍රමාණයක් නිදහස්   කිරීමට ඉතියෝපියාව විසින් තීරණය කරනු ලබයි.

මෙසේ නිදහස ලබන දේශපාලන සිරකරුවන් අතරට එරට රජය පෙරළා දැමීමට උත්සහා කළ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන්ද ඇතුළත්.

මෙම දේශපාලන සිර කරුවන් සියළු දෙනා එළැඹෙන සති කිහිපය ඇතුලත නිදහස ලබනු ඇති අතර ඊට අමතරව අමතරව ඇමරිකාව ,සෝමාලියාව ,එරිති‍්‍රයාව හා කෙන්යාව, ආදී රටවල දේශාපලන රැකවරණ පතා ගොස් සිටින විපක්ෂයේ දේශපාලකයන් සහ ක්‍රියාකාරීන් ඇතුළු කණ්ඩායම් වෙත නැවත ඉතියෝපියාවට පැමිණීමට අවස්ථාව ලබා දී ඇත‍,

මේ සම්බන්ධයෙන් වූ යෝජනාව සති දෙකක සාකච්ඡා කාලයකින් පසු පසුගිය පස් වන දා පාර්ලිමේන්තු විසින් සම්මත කෙරිණි.

නව අගමැති ඇබී අහමඩ් ගේ නායකත්වය යටතේ මෙවැනි දේශපාලන ප්‍රතිසංස්කරන රැසක් ඉතියෝපියාව තුළ ක්‍රියාත්මක වීම පිළිබඳව ජාත්‍යන්තරයේ අවධානය යොමු වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි