×

Facebook සහ Twitter සැක කටයුතු ගිණුම් අත්හිටුවයි.

ෆේස්බුක් ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පවසන පරිදි මෙවැනි ෆේස්බුක් රැවටිලි සහගත ගිණුම් 650ක් හඳුනාගෙන ඇත‍.


ෆේස්බුක් සහ ට්විටර් සමාජ මාධ්‍ය ජාලා බලධාරීන් විසින් අවිශ්වාස වන්ත ගිණුම් රැසක් අත්හිටුවා ඇත.

අත්හිටුවා ඇති ගිණුම් වලින් බොහෝමයක් ඉරානය සහ රුසියානු මතවාදයන් හී බලපෑම සහ ගෝලිය දේශපාලනයට සම්බන්ධ ගිණුම්ය. විශේසයෙන් මෙම රටවල් දෙක විසින් ඇමරිකානු , බ්‍රිතානය , මැද පෙරදිග සහ ලතින් ඇමරිකාව තුළ මෙහෙයුම් කටයුතු සඳහා පවත්වාගෙන යනු ලබන බවට සැක කරන ගිණුම් ය.

ෆේස්බුක් ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පවසන පරිදි මෙවැනි ෆේස්බුක් රැවටිලි සහගත ගිණුම් 650ක් හඳුනාගෙන ඇත‍.

ට්විටර් පවසන පරිදි එවැනි හඳුනා ගත් ට්විටර් ගිණුම් 284කි. ඒවා ඉරානයේ දේශ පාලන ව්‍යාපාරයට සම්බන්ධ වූ ඒවා ලෙස අනුමාන කෙරේ.

ෆේස්බුක් සහ ට්විටර් මෙම පියවර ගෙන ඇත්තේ ඇමරිකානු මධ්‍යස්ත මතවාදී කණ්ඩායම් වලට එරෙහිව සිදුවූ රුසියානු සයිබර් ප්‍රහාරය සම්බන්දව මයික්‍රොසොෆ්ට් ආයතනය හෙළිදරව් කිරීමත් සම්බන්ධයෙනි.

සයිබර් ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගෝලිය ආයතනය වන FireEye මෙම ව්‍යාජ සහ අවිශ්වාස කටයුත් ගිණුම් හඳුනාගෙන ඇති අතර ඒවා බොහෝමයක් මෙහෙයවා ඇත්තේ රුසියානු සහ ඉරාන මතවාදී ව්‍යාපාරයන් විසිනි.

තම සමාජමාධ්‍ය ජාලාවන් හි විශ්වාසවන්ත බව සුරැකීම සඳහා මෙවැනි පියවරක් ගත් බව මෙම ආයතන පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි