×

FIFA ප්‍රේක්ෂකයන්ගෙන් රුසියාවට ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝ මිලියන 15ක්.

රුසියානු පරිසර සංවිධාන පවසන පරිදි පැමිණෙන එක් ප්‍රේක්ෂකයෙකු අඩුම තරමේ ප්ලාස්ටික් හා පොලිතීන් කිලෝ ග්‍රෑම් තුනක් භාවිත කරනු ඇති බවට ගණන් බලා ඇත.


මෙවර FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය නැරඹීම සඳහා එහි සත්කාරක රට වන රුසියාවට පැමිණ ඇති විදෙස් ජාතිකයින් සංඛ්‍යාව ලක්ෂ පනහකට අධික බව හෙළි වී තිබේ. මේත් සමඟ කාලයක් තිස්සේ ප්ලාස්ටික් සහ ලොලිතීන් අපද්‍රවය සම්බන්ධව රුසියාව මුහුණ දී තිබූ ගැටළුකාරී තත්ත්වය උත්සන්න වන්නට පටන්ගෙන ඇත.

ඒ මෙතරම් සංඛ්‍යවකගේ පැමිණීමත් සමග එරට ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය මෙන්ම අපද්‍රව්‍ය ප්‍රමාණයද ඉහළ යමින් පවතින බැවිනි. රුසියානු පරිසර සංවිධාන පවසන පරිදි පැමිණෙන එක් ප්‍රේක්ෂකයෙකු අඩුම තරමේ ප්ලාස්ටික් හා පොලිතීන් කිලෝ ග්‍රෑම් තුනක් භාවිත කරනු ඇති බවට ගණන් බලා ඇත.ඒ අනුව ලක්ෂ 50ක් වන විදෙස් ජාතිකයන් විසින් රුසියාව තුළ ඉතිරි කර යන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් මිලියන 15කි.

මේ වන විටත් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය සම්බන්ධව නිසි වැඩපිළිවළක් රුසියාව විසින් අනුගමනය කර නොමැති බව පරිසර වේදී ටට්යානා නර්ගෝස්කයා පවසයි.

මේ හේතුවෙන් පාපන්දු ශූරතාවලියෙන් පසු ගොඩ ගැසෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය තොගය සම්බන්ධව රුසියාව විසින් නිසි පියවරක් ගත යුතු බවයි ඈ පවසන්නේ.

මේත් සමඟ ඇතිවන ගැටළුවෙන් මිදීම සඳහා ශේෂ වන සියලු ප්ලාස්ටික් අපද්‍රව්‍ය තොගය මුහුදේ ගිල්වන්නට සිදු වන බව පරිසරවේදීන්ගේ මතයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි