×

ජේම්ස් ගන් Guardians of the Galaxy චිත්‍රපටයේ අධ්‍යක්ෂක තනතුරින් ඉවතට.

ජේම්ස් ගන් මින් පෙර Guardians of the Galaxy චිත්‍රපටයේ පිටපත් රචකයා මෙන්ම අධ්‍යක්ෂක වරයාද ලෙස කටයුතු කළේය.


සුප්‍රසිද්ධ ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටයක් මෙන්ම බොක්ස් ඔෆීස් වාර්ථා බිඳ දැමූ චිත්‍රපටයක් වන ගාර්ඩියන්ස් ඔෆ් ද ගැලැක්සි Guardians of the Galaxy චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා ලෙස කටයුතු කළ ජේම්ස් ගන් එම චිත්‍රපටයේ කටයුතු වලින් ඉවත් කර ඇත‍.

ඒ එම චිත්‍රපටයේ නිෂ්පාදක සමාගම වන වෝල්ට් ඩිස්නි සමාගම විසිනි.

හිටපු අධ්‍යක්ෂ වරයා විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩ කිහිපයක් මෙම ඉවත් කිරීමේ හේතුව වී ඇත.

මේ වන විට කථාංග දෙකක් තිරගත කර ඇති මෙම චිත්‍රපටය ඇමරිකාවේ පමණක් නොව ලෝකයේ රටවල් බොහෝමයක ඉතා ඉක්මණින් ප්‍රසිද්ධියට පත් විය.

එහි තුන්වන කොටසද නිර්මාණය කරන්නට සූදානම් වෙමින් සිටියදී මෙසේ හිටපු අධ්‍යක්ෂ ජේම්ස් ගන් ඉවත් කරීමට හේතුව ලෙස ඩිස්නි ආයතනයේ ප්‍රධානී ඇලන් හෝර්න් පවසා ඇත්තේ අධ්‍යක්ෂ වරයාගේ ට්විටර් පණිවිඩ සිය ආයතනයට නොගැලපෙන බවත් රමගින් තම නාමයට කැළලක් සිදුව ඇති බවත්ය.

ජේම්ස් ගන් මින් පෙර Guardians of the Galaxy චිත්‍රපටයේ පිටපත් රචකයා මෙන්ම අධ්‍යක්ෂක වරයාද ලෙස කටයුතු කළේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි