×

ජපානයේ ගංවතුර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට

මේ වන විට මිය ගොස් ඇති සංඛ්‍යාව 176කි. 


අධික වර්ෂාව සමඟ ගංවතුර හේතුවෙන් ජපානයේ මිය ගිය සංඛ්‍යව ඉහළ යමින් පවතී.

මේ වන විට මිය ගිය සංඛ්‍යාව 176කි.  ඇද හැලෙන අධීක වර්ෂාවෙන් නාය යෑම් තර්ජන හා ගංවතුර තර්ජන නිසා ඇති වු අනතුරු වැළැක්වීම සහ අවෙකුත් මෙහෙයුම් සඳහා 75000ක පිරිසක් සේවයේ යොදවා ඇත.

 

2011 වසරේ ෆුකුෂිමා හී ඇති වූ භූමිකම්පාව හා සුනාමි තත්ත්වය හේතුවෙන් සිදු වූ අනතුරු වලට පසු ජපානයමුහුණ දුන් මී ළඟ විපත මෙය වෙයි.

සිය රටේ ජනතාව මුහුණ දෙමින් සිටින විපත් හේතුවෙන් එරට අගමැති ෂින්ෂුවා ඇබේ සියළු විදේස් සංචාර නවත් වා ඇතැයි වාර්ථා වේ.

ජපන් ජාතික මාධ්‍ය වන NHK සේවය වාර්ථ කළ පරිදි මේ වන විට මිලි මීටර් 364ක වර්ෂාවක් වාර්ථා වේ.

 

2011 වසරේදී ෆුක්ෂිමාවේ ඇති වූ භූමිකම්පාව සහ සුනාමි තත්ත්වය හේතුවෙන් 20000 ජන සංඛ්‍යාවක් මිය ගොස් හෝ අතුරුදහන් වී ඇත‍.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි