×

ග්ලයිපොසේට් නිසා මොනසාටෝ සමාගම පිළිකා රෝගියෙක්ට ඇ.ඩෝ.මි 289ක වන්දියක් ගෙවයි.

ප්‍රංශ ජනපති එමෑනුවල් මැක්‍රෝන් ප්‍රංශය තුළ ග්ලයිපොසේට් තහනම් කිරීමේ නීතිමය පියවර දැනටමත් ආරම්භ කර ඇත‍.


ලොව සුප්‍රසිද්ධ කෘෂිරසායන නිෂ්පාදකයෙක් වන මොනසාටෝ සමාගමට පිළිකාරෝගියෙක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 289ක වන්දියක් ගෙවීමට කැලිෆෝනියා වේ අධිකරණය විසින් නියම කෙරිණි.

ඊට හේතුව වූයේ තමන්ගේ රෝගය සඳහා වගකිව යුත්තේ මොනසාටෝ නිෂ්පදනයක් වන glyphosate බව ඔහු විසින් පැමිණිලි කිරීමයි.

මෙම පැමිනිල්ල විභාග කළ කැලිෆෝනියා අධිකරණය පවසන්නේ Roundup සහ RangerPro යන වල්නාශක වල ග්ලයිපොසේට් අඩංගු බව දැන සිටියද පාරිභොගිකයන්ට ඒවා අනතුරු දායක බව නිශ්චිත ලෙසම මොනසාටෝ සමාගම විසින් දැනුවත් කර නැති බවකි.

නමුත් මොනසාටෝ සමාගම බවසා ඇත්තේ තමන්ට විරුද්ධව ඇති චෝදනාවට එකඟ නොවන බවත් ඒ සඳහා ධිකරණයට අභායාචනයක් ඉදිරිපත් කරන බවත්ය.

වන්දිය ලබා ගත් පැමිණිලි කරු වූ ඩෙවයින් ජොන්සන් ට අමතරව ඇමරිකා එක්සත් ජනපදය තුළ පමණක් ග්ලයිපොසේට් හේතුවෙන් තමන් රොගී වූ බවට පැමිනිලිකරණ පැමිනිලිකරුවන් 5000කට අධික ප්‍රමාණයක් සිටී.

මොනසාටෝ සමාගමෙන් වන්දිය ලබා ගත් ඩෙවයින් ජොන්සන් එරට පාසලක උද්‍යාන වගාකරුවකු ලෙස සේවය කරන අතර 2014 වසරේ දී ඔහු තමන් භාවිත ක කෘමිනාශක හේතුවෙන් පිළිකා රෝගයට ගොදුරු වී ඇත් බව වෛද්‍ය වරුන් අනාවරණය කර ඇත.
ග්ලියාපොසේට් යනු ලොව සුප්‍රසිද්ධම වල්නාශකය වන අතර ශ්‍රී ලංකාවද ඇතුළු තුන්වන ලෝකයේ රටවල් බෙහෝමයක කෘෂිකාර්මික කටයුතු සඳහා එය යොදැ ගැනේ. 2015 වසරේදි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම කෘෂිරසායනය මිනිසුන්ට හානි කර බව අනාරවරණය කරන ලදී. (එම වාර්ථාව)

මෙම තීන්දුවත් සමග මොනසාටෝ සමාගම වෙත යම් සීමාකකිරිම් සහ තීරණාත්මක පියවරයන් කැලිෆෝනියානු අධිකරණය විසින් නියම කර ඇති අතර ඇමරිකා ග්ලයිපොසේට් භාවිතය සම්බන්ධව තීරණයක් ගත යුත් කාලය පැමින ඇති බව විවිධ සංවිධාන විසින් ඇමරිකානු රජයට බල කරමින් සිටී.

ඊට අමතරව යුරෝපා රටවල්ද ග්ලයිපොසේට් තහනම ගැන අවධානය යොමු කර ඇති අතර ප්‍රංශ ජනපති එමෑනුවල් මැක්‍රෝන් ප්‍රංශය තුළ ග්ලයිපොසේට් තහනම් කිරීමේ නීතිමය පියවර දැනටමත් ආරම්භ කර ඇත‍.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි