×

මිනිසුන් මුහුදට විසි කළ ග්‍රීසියේ ලැව් ගින්න

ඔවුහු එකිනෙකා වැළඳ ගනිමින් මිය ගොස් සිටියහ.


ග්‍රීසියේ මුහුදු බඩ ආශ්‍රිතව මේ දින වල පැතිරෙමින් පවතින ලැව් ගින්න හේතුවෙන් මේ වන විට මිනිසුන් 74 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත් ව ඇති බව වාර්තා වේ.

තමන් මුහුණ පෑ ලැව් ගින්න පිලිබඳව ඉන් බේරෙන්නට හැකි වූ පිරිස් අදහස් දක්වමින් කියා ඇත්තේ එක දිගට පැතිර ආ ගිනි ජාලා තමන්ව මුහුද දක්වා ගෙන ගිය බවයි.

ගින්නට හසු වූ සිරුරු අතරින් වැඩිහිටියන් 26 දෙනෙකුගේ පමණ සිරුරු සොයා ගෙන ඇත්තේ මුහුදට ආසන්නයෙනි.

ඔවුහු එකිනෙකා වැළඳ ගනිමින් මිය ගොස් සිටියහ.

මෙම ගින්න නිවා දැමීමට දැනටමත් සිය ගණනක් ගිනි නිවීමේ භටයින් සහභාගී වි සිටිති. පැයට කිලෝ මීටර් 100ක වේගයෙන් හමන සුළඟ සමග දස අතක පැතිරෙමින් පවතින මෙම ලැව් ගින්න මුහුදු බඩ ප්‍රදේශයක් වන මාටි ඇතුළු ප්‍රදේශ කිහිපයක මිනිසුන් පමණක් නොව වාහන මෙන්ම ගෙවල් දෙරවල්ද ගිලගෙන ඇත‍

මෙම තත්ත්වය දැඩි ලෙස ව්‍යාප්තව පවතින මාටි ප්‍රදේශය ග්‍රීසියේ රෆයිනා පළාතේ පිහිටා ඇති අතර මෙහි වැඩි වශයෙන් රැඳී සිට ඇත්තේ දේශීය සංචාරකයන්ය . ඔවුන් අතරින්ද වැඩි පිරිසක් විවේක කඳවුරු සඳහා සහභාගී වූ විශ‍්‍රාමිකයන් සහ කුඩා ළමුන් විය.

2007 වසරට පසුව ග්‍රීසියේ ඇතිවූ විශාලතම ගිනි අනතුර මෙය වෙයි. මෙම සිදුවීමත් සමග එරට අගමැති ඇලෙක්සෙයි ට්සිප්රාස් දින තුනක ශෝක කාලයක් වෙන් කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි