×

ජපානයට හෙලෝ කිටී කෝච්චියක්….

තාක්ෂණය සමග විවිධ හපන්කම් කරන ජපානයේ බුලට් දුම්රියක් හෙලෝ කිටී Hello Kittyතේමාවෙන් සරසන්නට උතුරු ජපානයේ දුම්රිය සමාගම විසින් කටයුතු කරන ලදී.


දුම්රියක් කියූ සැණින් මතක් වෙන්නේ ඝෝෂාකාරී, රළු හැඟීමකි. හෙලෝ කිටී Hello Kitty කියූ සැණින් මතක් වෙන්නේ හුරුබුහුටි , සුන්දර මෙන්ම සාමකාමී හැඟීමකි…. හෙලෝ කිටී තේමාව එක්කළ දුම්රියක් කියූ විට එය කෙලෙසදැයි දැක ගැනීමේ ආශාව නිතැතින්ම ඇතිවේ…

තාක්ෂණය සමග විවිධ හපන්කම් ජපානයේ bullet train බුලට් දුම්රියක් හෙලෝ කිටී Hello Kittyතේමාවෙන් සරසන්නට උතුරු ජපානයේ දුම්රිය සමාගම විසින් කටයුතු කරන ලදී.

හෙලෝ කිටී දුමිරිය Hello-kitty-bullet-train ලෙස නම තබා ඇති මෙය  දිවෙනු ඇත්තේ සෙනසුරාදා දිනවලදී පමණක් ජපානයේ ඔසාකා සහ ෆුකෝකා නගරාන්තරවලය.

හෙලෝ කිටී වර්ණ වන රෝස සහ සුදු පහැයෙන් මෙන්ම අලංකාර හෙලෝ කිටී රූප වලින්ද හැඩවුණ මෙවැනි මෙවැනි දුම්රියක් නිර්මාණය කිරීමට හේතුව සංචාරක ආකර්ෂණයි. එමෙන්ම උතුරු ජපානයේ ජනතාව සහ අනෙකුත් පළාත් වල ජනතාව අතර සුහදත්වය වර්ධනය කිරීමටත් මෙය හේතු වනු ඇති බව ඔවුන් පවසයි.

දුම්රියේ පළමු මැදිරිය සකස් වී ඇත්තේ ගමන් කරන මඟීන්ට හෙලෝ කිටී සිහිවටන සහ අනෙකුත් අලංකාර දෑ මිලදී ගන්නට හැකි කුඩා අලෙවි සැළකිනි.

දෙවන මැදිරිය මඟීන් සඳහා ආසන මෙන්ම හෙලෝ කිටී මෙන් සැරසුණ සංචාරක මඟ පෙන්වන්නන්ගෙන් සමන් විත වීම මෙම දුම්රියේ ඇති තවත් විශේෂත්වයකි. එහිදී හෙලෝ කිටී ලෝලීන්ට ඡායාරූප ගන්නට අවස්ථාවත් හිමි වෙයි.

එපමණක් නොව දුම්රිය ගමනාන්තයක් වන ෆුකෝකා දුමිරියපළේ හෙළෝ කිටී තේමාවෙන් යුක්ත වෙළඳ සැල් සහ ආහාර ගැනීමට ආපනශාලා ඉදිකිරීමට ඔවුන් අදහස් කරගෙන සිටියි.

හෙලෝකිටී උන්මාදය වසර ගණනාවක් තිස්සේ ජපාන වැසියන්ගේ සිත් තුළ විය. 2000 වසරේදී සිංලප්පූරුව විසින් මැක්ඩොනල්ඩ් අවන්හල් හී බෝනික්ක් යොදා ගනු ලැබීය, සුප්‍රසිද්ධ ෆේලීන් කාටුනය අද සමස්ත ලෝකය පුරා ස්වර්ණාභරණ ලෝකය ආකර්ෂනය කර ඇත. බෙන්ටෙන් , මිකී මවුස්, සුපර්මෑන් වැනි කාටූන් වීරයන්ද වෙළඳ පළ භාණ්ඩ සඳහා ජනතා ආකර්ෂය තිවූර කරන ලදී.

ඒ අතර හෙලෝකිටී ජපානය තුළ වැඩි පිරිසක් ආකර්ෂණය කරගෙන ඇති බව තහවුරු වී තිබීම දුම්රිය සඳහා එම තේමාව යොදා ගැනීමට හේතු වී ඇත‍.

ජනතාවගේ සිත් වසා සිටින පුහු ජාතිය හෝ ආගම පිළිබඳ හැඟීම් අබිබවා මෙවැනි සුන්දර තේමාවක් ඔවුන් ගේ සිත් තුළ ජනිත කළ හැකි වීම ඉතා වැදගත් බව මෙම දුම්රිය නිර්මාණ කරුවන්ගේ මතයයි. මන්ද එමඟින් ඉස්මතු වන්නේ අනෙකා පරයා යෑම හෝ තරහ සිතිවිල්ලකට වඩා සුන්දර මෙන්ම ප්‍රීතිමත් හැඟීමකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි