×

ලොව 6 වන ආර්ථිකය හිමි බ්‍රිතාන්‍යයේ, දරුවන් මිලියන ගණනක් කුසගින්නේ…

යුනිසෙෆ් ආයතනය නිර්වචනය කරන පරිදි ආහාර අනාරක්ෂණය යනු පුද්ගලයෙකුගේ සාමාන්‍ය වර්ධනයක් සහතික කිරීම සඳහා අවශ්‍ය වන පෝෂණීය , ප්‍රමාණවත් හා ආරක්ෂිත ආහාර වේලක් ලබා ගැනීමට ඇති හැකියාවයි.


සංවර්ධිත රටක් මෙන්ම ගෝලීය ආර්ථිකයේ හය වන ස්ථානය දරණ බ්‍රිතාන්‍යයේ දරුවන් මිලියන ගණනකට කුස ගින්නේ සිටී.

Feeding Britain charity පෙන්වා දෙන පරිදි පාසැල් නිවාඩු කාලය තුළ මෙම දරුවන් බෙහෝමයක් වැඩි වශයෙන් කුස ගින්නේ සිටිති. ඔවුන් බෙහෝමයක් සිදු කරන්නේ දිවා ආහාරය නොමිලයේ පවසන පාසැල් වලට යෑමයි. නමුත් පාසැල් නිවාඩු සමයේ ඔවුන්ට කුස ගින්නේ ජීවත් වීමට සිදුව ඇත.

ඒ අනුව මිලියන 3ක දරුවන් ප්‍රමාණයක් පාසැල් දිනයන් හී කුසගින්නෙන් පීඩා විඳිති.

බ්‍රිතාන්‍යයේ තවත් සහන ආයතනයක් වන Trussell Trust food bank network මඟින් නිකුත් කල වාර්තාවක් පෙන්වා දෙන්නේ ඔවුන් මිලියන 1.3කට වැඩි දරුවන් ප්‍රමානයකට නොමිලේ ආහාර සපයන බවයි. 2017 වසරේ අප්‍රේල් මස සිට මාර්තු 18 වන දා තෙක් මෙම තත්ත්වය උග්‍ර වූ බවත් පසුගිය වසර තුළ 13ක ප්‍රතිශතයකින් එය ඉහළ ගෝසි ඇති බවත්ය.

FareShare පදනම පවසන්නේ තම ආයතනය විසින් පසුගිය වසර තුල බ්‍රිතානයයේ කුස ගින්නේ සිටින දරුවන් සංඛ්‍යාව 44%කින් වැඩි වී ඇති බවයිත එනම් 9653ක සංඛ්‍යාවකි. ඔවුන්විස්න් නොමිලයේ ලබා දෙන ආහාර වේල ලබා ගන්නා දරුවන් සෑම ආයතනය පෙන්වා දෙයි. සතියකම 59%කින් එනම් 772390කින් ඉහළ යන බවද එම

2017 Unicef සංවිධානය නිකුත් කළ වාර්ථාව මඟින් පෙන්වා දෙන්නේ ලෝකයේ ඉහළ ආර්ථිකයක් ඇති රටවල් 41ක් අතරින් අවම ආහාර ආරක්ෂනය ඇති රටවල් අතර බ්‍රිතාන්‍ය 34 වන ස්ථානයේ පසු වන බවයි.

යුනිසෙෆ් ආයතනය නිර්වචනය කරන පරිදි ආහාර අනාරක්ෂණය යනු පුද්ගලයෙකුගේ සාමාන්‍ය වර්ධනයක් සහතික කිරීම සඳහා අවශ්‍ය වන පෝෂණීය , ප්‍රමාණවත් හා ආරක්ෂිත ආහාර වේලක් ලබා ගැනීමට ඇති හැකියාවයි.

බ්‍රිතානයයේ වයස අවුරුදු 15ට වඩා අඩු දරුවන් පස් දෙනෙක් අතරින් එක් අයෙක් කුස ගින්නෙන් පීඩා විඳියි. එය සාමාන‍්‍ය ඉහළ ආර්ථිකයක් ඇති රටවල තත්ත්වයට වඩා 12.7%ක ඉහළ අගයකි. යුනිසෙෆ් ආයතනයට අනුව ආහාර අනාරක්ෂිතබවක් ඇති රටක් ලෙස බ්‍රිතානය ග්‍රීසිය හා ඉතාලියටත් වඩා පිඩා විඳි .

එමෙන්ම මෙම වාර්ථාව පෙන්වා දෙන්නේ බ්‍රිතින්‍ය දියුනු රටවල් 41 අතරින් දරිද්‍රතාවයෙන් පීඩා විඳින16 වන රට බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි