×

ඉම්රාන් ඛාන්ගේ දිවුරුම් දීමට අමීර් ඛාන්, සුනිල් ගවාස්කර්, කපිල් දේව් සහ නව්ජෝද් සිං සිදූ නොඑන හැඩ

ඉම්රාන් ඛාන් ට පක්ෂයෙන් කැපිල්ලක්ද?


පාකිස්ථානයේ නව අග්‍රමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමට බලාපොරොත්තුවෙන් සිටින ඉම්රාන් ඛාන්, එම උත්සවය සඳහා සුපිරි හින්දි නළු අමීර් ඛාන් සහ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වූ සුනිල් ගවාස්කර්, කපිල් දේව් සහ නව්ජෝද් සිං සිදූ හට පුද්ගලිකව ආරාධනා කළ බවට මීට පෙර ඇතැම් මාධ්‍යයක වාර්තා විය.

ඔවුන් සිව් දෙනාම ඉන්දීය ජාතිකයන් වූ හෙයින් මේ පුවත ජාත්‍යන්තර ශීර්ෂ පාඨ පවා මවාලීය.

ඉම්රාන් ඛාන්ගේ දිවුරුම් දීමේ උත්සවය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ අගෝස්තු 11 වැනිදා ය.

කෙසේ නමුත් ඔහුගේ පක්ෂය වන පීටීඅයි (Tehreek-e-Insaf (PTI)) ඊයේ (2) ප්‍රකාශ කළේ කිසිදු නළුවෙකුට හෝ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ඒ සඳහා ඇරයුම් නොකරන බවයි. දිවුරුම් දීමේ උත්සවය ‘අතිශය සරල‘ හා ‘චාම්‘ අන්දමින් පැවැත්වීමට පක්ෂය තීරණය කර ඇති බවයි. ඒ අනුව ඉම්රාන් ඛාන්ගේ පුද්ගලික ආරාධනාවන් පසෙක තබා ‘නිල ආරාධනා‘වලට පමණක් මුල් තැන ලබාදීමට ඔවුන් තීරණය කර තිබේ.

Imran Khan – Kapil Dev | News Nation

ඉම්රාන් ඛාන් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් දේශපාලනයට පිවිසි ඉන්දියාවේ නව්ජෝද් මේ වන විට ඉන්දියානු කොංග්‍රසයේ ප්‍රබල චරිතයක් බවට පත්වෙමින් තිබේ. ඉම්රාන් ඛාන් සමග 1983 වසරේ පටන් සමීප සබඳතාවක් පවත්වාගෙන යන නව්ජෝද් වරක් පවසා තිබුණේ ඉම්රාන් ඛාන් ග්‍රීක දෙව් රුවකටත් වඩා ආකර්ෂණීය බව ය. ඉම්රාන් ඛාන්ගේ පාලනය යටතේ පාකිස්ථානය ‘නව අරුණෝදයකට‘ පිවිසෙන බව ද ඔහු කියා තිබිණි.

Navjot Sing Sidhu

මෙම දිවුරුම් දීමේ උත්සවය සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ද ඇරයුම් ලැබී ඇතත් තමන්ට සහභාගි වීමට නොහැකි බව මෝදි මේ වන විටත් දැනුම් දී තිබේ.

සබැඳි – Navjot Sidhu, Others Not Invited For PM Oath, Says Imran Khan’s Party



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි