×

ඉන්දියාව විදුලි මෝටර් රථවලට වැට බඳියි! විදුලි මෝටර් කුලී රථ දිරිමත් කරයි.

මෝදි රට හදන අලුත්ම විදිය


ඉන්දියාව විදුලි මෝටර් රථ මිලදී ගන්නන් සඳහා ලබා දී තිබූ සහන මිල ඉවත් කිරීමට සැලසුම් කරයි. මෝදි රජය දැන් පවසමින් සිටින්නේ කුලී රථ (කැබ්) හෝ පොදු ප්‍රවාහන ක්‍රම යොදාගන්නා ලෙස ය.

මේ යෝජනාව ඉන්දියාවේ විදුලි මෝටර් රථ නිපදවන සමාගම්වල දැඩි විවේචනයට ලක්ව තිබේ.

ඉන්දියාවේ දැනට ක්‍රියාත්මක වන දෙමුහුම් සහ විදුලි මෝටර් රථ මිලදී ගැනීම දිරිමත් කිරීමේ වැඩසටහන යටතේ (FAME) විදුලි මෝටර් රියක් මිලදී ගන්නා ඉන්දියානුවන්ට ඉන්දීය රුපියල් 130,000 ක ලාභයක් හිමි වේ.

නමුත් පෙර කී ‘ෆේම්‘ වැඩසටහන තුළ එම මිල අඩුකිරීමේ සහනය ක්‍රියාත්මක ව පැවතියේ පළමු අදියර සඳහා පමණි. දෙවන අදියරේදී එම මිල සහනය ඉන්දීය රජය ලබාදෙන්නේ නැත. ඒ වෙනුවට විදුලි මෝටර් රථ යොදාගන්නා කැබ් රථ සමාගම්වලට අත්පිට මුදල් ලබාදීමට සැලසුම් කර තිබේ.

මෝදි රජයේ නිලධාරීන් පවසන කතාවේ ද ගත යුත්තක් තිබේ. ඔවුන් පවසන්නේ තනි තනි ඉන්දියානුවන් මිලදී ගන්නා විදුලි මෝටර් රථ සඳහා දැවැන්ත මිල අඩුකිරීම් සිදුකරනු වෙනුවට කුලී රථ සමාගම් සඳහා මේ සහනය ලබාදෙන විට ඉන්දියාවේ පොදු ප්‍රවාහන සේවාව ක්‍රම ක්‍රමයෙන් පරිසර හිතකාමී වන බවයි. මෙය කුලී රථ සේවය දිරිගැන්වීමක් ලෙස ද ඇතැම්හු හඳුන්වා දෙති.

ඉන්දියාවේ 2 වන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා හයියුන්ඩායි (Hyundai) සමාගමයි. ඔවුහු දැඩි ලෙසම මෝදිගේ යෝජනාවට විරුද්ධත්වය පළ කරති. ඔවුන්ගේ තර්කය වන්නේ තනි පුද්ගලයන් විදුලි මෝටර් රථ මිලදී ගැනීම අධෙර්යමත් වීම නිසා මෝටර් රථවල මිල ඉහළ යාම මෙන්ම අලෙවිය පහළ යාම ද නිසැක වශයෙන්ම සිදුවනු ඇති බවයි.

ඉන්දියාවේ සමස්ත මෝටර් රථ අලෙවිය සලකන විට මේ වන විට විදුලි මෝටර් රථ සඳහා පවතින්නේ 1% ක වෙළඳපොළ ප්‍රතිශතයක් පමණි. එය වහාම වැඩි කර ගැනීමට මෝදි රජය අපේක්ෂා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි