×

මදර් තෙරේසා පදනම බිළිඳුන් විකුණන ජාවාරමක.

බී බී සී හින්දු සේවයේ මාධ්‍ය වේදිනියක විසින් අනාවරණය කරන්නේ මදර් තෙරේසා සමාජ සේවා අයතනය මීට ඉහතදීත් බිළිඳුන් වෙළදාම් කිරීමේ ජාවාරමේ නියැළී ඇති බවයි.


නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලත් තෙරේසා මවුතුමිය ඉන්දියාවේ සිටි  ශ්‍රේෂඨ මෙන්ම ආදරණීය චරිතයකි. 1997 දී ඈ මිය ගියාය.  ඈ විසින් අරම්භ කරන ලද මදර් තෙරේසා සමාජ සේවා ධර්ම දූත  අායතනයේ   කාර්ය මණ්ඩලයේ සාමාජිකාවක් විසින් දින 14ක් වයසැති දරුවෙකු මුදලට විකිණීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත.

එහි සේවය කරන තවත් කාන්තාවන් දෙදෙනෙකුද පොලීසිය විසින් ප්‍රශ්න කර ඇති අතර බිළිඳුන් මිලට විකිණීමේ ජාවාරමට ඔවුන්ද සම්බන්ධ යැයි පොලීසිය විසින් සැක කරනු ලබයි.

මෙම සමාජ සේවා ආයතනය විසින් සිදු කරන ජාවාරම සම්බන්ධව ඉන්දීය ළමා සුභසාධන කමිටුව විසින් පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත

මදර් තෙරේසා සමාජසේවා ධර්ආමදූත ආයතන වලට අනුයුක්තව අනුගාමිකාවන් 3000ක් මේ වන විට ලෝකය පුරා විසිර සිටී.

මේ සම්බන්ධව තවමත් කිසිදු නිවේදනයක් අදාල ආයතනය විසින් නිකුත් කර නැත. බී බී සී හින්දු සේවයේ මාධ්‍ය වේදිනියක විසින් අනාවරණය කර ගෙන ඇත්තේ මදර් තෙරේසා සමාජ සේවා ආයතනය විසින් මීට ඉහතදීත් බිළිඳුන් වෙළදාම් කිරීමේ ජාවාරමේ නියැළී ඇති බවයි.

දරුකමට හදා වඩා ගැනීම සම්බන්ධව ඉන්දියාව තුළ නීති.

දරුවන් නීතිමය භාරකාරත්වය යටතේ ඇති දැඩි කිරීම ඉන්දියාව තුළ දිගු නෛතික පියවරයන් යටතේ සිදු කළ යුත්තකි. ඒ හොත්වෙන් සෑම වසරකදීම නීත්‍යනුකූල ලෙස හදා වඩා ගැනීම් සිදු වන්නේ අවම වශයෙනි‍. නමුත් 2015 වසරේදී දරුවන් හදා වඩා ගැනීම සම්බන්ධව නීති වෙනස් කරන ලද අතර ඊට අදාළ ක්‍රියාපටිපාටිය අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමට අවස්ථාව ලබා දී තිබේ. මෙතෙක් මේ සම්බන්ධව මැදිහත් වූ තුන්වන පාර්ශවයන් හී විරුද්ධත්වය දක්වා ඇත. නීතියෙන් විවාහ නොවූ අයට මෙන්ම විවාහනොවූ කාන්තාවන්ට දරුවන් හදා ගැනීමට මෙම නව නීතියෙන් අවසර නොදීම මීට හේතුවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි