×

දිල්ලි බස් රථයක් තුළ සිදුවූ සමූහ දූෂණයේ වැරදිකරුවන් එල්ලා මැරීමේ තීන්දුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි.

23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක් වූ ජ්‍යෝතී සින්ග් රාත්‍රියේ දිල්ලි නගරයේ ගමන් කරමින් තිබූ බස්රථයක් තුළදී මෙම අපරාධකරුවන් විසින් සාහසික ලෙස දූෂණයට ලක්කර තිබුණි


2013 වසරේදී බස්රථයක් තුළ ශිෂ්‍යවක සාහසික ලෙස සමූහ දූෂණය කර මරි දැමූ අපරාධකරුවන් පස් දෙනාට එරට අධිකරණය විසින් පනවා තිබූ මරණ දඩුවම ඉන්දීය ශේෂ්ඨාධිකරණය විසින් අද දින තහවුරු කරන ලදී.

මෙම නඩු තීන්දුව එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට සුළු මොහොතකට ප්‍රකාශයට පත් කළේය. 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යවක් ජ්‍යෝතී සින්ග් දැරිය දිල්ලි නගරයේ ගමන් කරමින් තිබූ බස්රථයක් තුළදී මෙම අපරාධකරුවන් විසින් සාහසික ලෙස දූෂණයට ලක්කර තිබුණි එහිදී ශරීර අභ්‍යන්තරයේ ඇති වී බරපතල තුවාළ සමග ප්‍රතිකාර ‍සඳහා සිංගප්පූරුවේ රෝහලක් වෙත යැවුණ අතර එහි දී ඇ මිය ගියාය.

අමානුෂික ලෙස දූෂණයට ලක් වූ ඇයගේ නම පවා හෙළි නොකරමින් ඉන්දී්‍ය මාධ්‍ය විසින් ආචාර ධාර්මික මාධ්‍ය වාර්තාකරණයක නියැළුණු අතර, ඒ අනුව ඇගේ නම මුලින් ප්‍රකට වුයේ ‘නිර්භයා‘ යනුවෙනි. එමනිසා මෙම නඩුව ‘නිර්භයා නඩුව‘ යනුවෙන් ද හැඳින්වේ.

මෙම අපරාධයෙන් පසුව 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඉන් එක් අයෙක් 2013 වසරේදී සිය දිවි හානි කර ගත්තේය.ඒ අතර සිටි ලාබාල තරුණයකු වසර තුනක් රඳවා තබා ගැනීමෙන් පසු 2015 වසරේදී පුනරුත්ථාපනය කර නිදහස් කරන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි