×

කාන්තාවන් සඳහා ලොව අනතුරුදායකම රට ඉන්දියාවයි

එමෙන්ම සංස්කෘතික සහ සම්ප්‍රදාය විසින් කාන්තාවන් මත වැඩිම බලපෑමක් එල්ල කරන රට ඉංදියාව බවද මෙමඟින් අනාවරණය කර ඇත


කාන්තාවන්ට ජීවත් වීමට අනතුරු දායකම රට ඉංදියාව ලෙස සමීක්ෂණයක් මඟින් හෙළි වෙයි.

තොම්ප්සන් රොයිටර්ස් පදනම විසින් සිදු කරන ලද වාර්ථාවකට අනුව පැවසෙන්නේ ස්ත්‍රී ප්‍රචණ්ඩත්වය, කාන්තා ශ්‍රමිකයන් පීඩනයට ලක්වීම සහ වෙනස්කොට සැළකීම යන කරුණු සම්න්ධව අනතුරු දායකම රට ඉංදියාව බවයි.

එමෙන්ම කාන්තාවන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය මිනිස් ජාවාරම සහ අනියම් කම්කරු සේවය, බලහත්කාරයෙන් විවාහ කරවීම , සහ ලිංගික ශ්‍රමිකයන් ලෙස කාන්තාවන් බලහත් කාරයෙන් යෙදවීම සම්බන්ධවද කානතාවන් හට ලෝකයේ අනතුරුදායකම රට ඉංදියාව බව එම සමීක්ෂණයමඟින් අනාවරණය කරයි.

එමෙන්ම සංස්කෘතික සහ සම්ප්‍රදාය විසින් කාන්තාවන් මත වැඩිම බලපෑමක් එල්ල කරන රට ඉංදියාව බවද මෙමඟින් අනාවරණය කර ඇත.

මීට වසර 7කට පෙරද ලොව කාන්තාවන් සඳහා අනතුරු දායකම රට ලෙස ඉංදියාව බව මෙම සමීක්ෂණය මඟින් අනාවරණය කරන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි