ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර අමතර අධ්‍යාපන ආයතනයක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 48 දෙනෙක් ඝාතනයට ලක්විය. එහිදී තුවාල ලැබූ සංඛ්‍යාව 67 දෙනෙකි.
ඉදිරියේදී පවත්වන්නට නියමිත විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් පරික්ෂාකිරිමේ විභාගයක් අතර තුර අමතර අධ්‍යාපන ආයතනයකට ඇතුළු වූ මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු විසින් මෙම ප්‍රහාරය සිදු කර ඇත.
මිය ගිය පිරිසගෙන් බෙහෝමයක් ශිෂ්‍යයන් ය. මේ අතර බාග්ලාන් ප්‍රදේශයේ සිදු වු පහර දීමකින් පොලිස් නිළධාරින් 9 දෙනෙක්ද ඇතුළුව සෙබළුන් 35 දෙනෙක් ඝාතනයට ලක් විය.
මෙම ප්‍රහාරයන්ද අනෙකුත් ෂියා මුස්ලිමිවරුන් වෙසෙන ප්‍රදේශ වල සිදු වූ ප්‍රහාරයන් හී ද වගකීම තලෙයිබාන් කැරළිකරුවන් විසින් ප්‍රතික්ෂේප කර ඇත.
බෙහෝවිට ෂියා මුස්ලිම් වරුන් සිටින ප්‍රදේශ වලට ප්‍රහාර එල්ල වන්නේ සුන්නි මුස්ලිම් අන්තවාදීන් විසිනි.