×

කෙන්යානු රජය මුඩුක්කු වැසියන් 30000ක් පාරට ඇද දමයි.

රජය පවසන්නේ ඔවුන්ට අහිමි වූ නිවෙස් ගැන තමන්ට වග කිව හැකි නොවන බවයි.


කෙන්යානු රජය එරට පැල්පත් වාසීන් 30000කගේ නිවෙස් කඩා බිඳ දමන්නට පියවර ගෙන ඇත. එරට අගනගරය වන නයිරෝබී හී මහා මාර්ගයක් ඉදිකිරීම සඳහා එරට රජය මෙම නිවාස සංහාරය සිදුකොට ඇත.

සිය නිවෙස් අහිමි වෙන දෙස ඉතා අසරණ ලෙස බලා සිටින ඒවායේ අයිති කරුවන් ඉදිරිපිටදීම මෙසේ රජය ක්‍රියා කිරීම පිළි බඳව මේ වන විට රජයට විරුද්ධව විවේචන එල්ල වෙමින් පවතී.

රජය පවසන්නේ මෙම පැල්පත් වාසීන් නීති විරෝධීලෙස මෙසේ නිවෙස් සදා ගෙන ජීවත්ව සිටි නිසා ඔවුන්ට අහිමි වූ නිවෙස් ගැන තමන්ට වග කිව හැකි නොවන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි