×

දින 14ක් තුළ ජනතාව අතරින් කේරළයට ගලා මුදල් ආධාර කෝටි 713 ඉක්මවයි.

එය කේරළය මුහුණ දුන් විපත සඳහා ඉන්දීය මධ්‍යම ආණ්ඩුවෙන් ලැබුණු මුදලට වඩා වැඩි විය


පසුගියදා සියවසයේ දරුණුතම ගංවතුර ඛේදවාචකයට ඉන්දියාවේ කේරළය මුහු‍ණ දුන්නේය. 483 දෙනෙකුට මරණයද දහස් ගණනකට උන්හිටි තැන්ද අහිමි කළ එම ගංවතුර තවත් අයුරක වාර්ථාවක් තැබිය. දින 14ක් තුළ කෝටි 713.92ක මුදලක් විපතට පත් පුද්ගලයන්ට සහන සැළසීම සඳහා ගලා ආවේය. ඒ ඔවුන් හා දුක බෙදා ගත් ඉන්දියානුවන් සහ විදේශ රටවල් වල ද පිරිස් විසිනි.

සුපුරුදු පරිදි කුල භේද , ආගම් භේද හා මතවාද නිසා ඉන්දියාවේ සමහරෙක් ලෝකයේ අන් කාටත් වඩා කේරළයේ ගංවතුර ගැන විවිධ අදහස් එක් කළද එම ජනතාව අතරේ තවත් පිරිසක් විසින් තමන්ගේම රටේ අසරණ වූවන් වෙනුවෙන් රුපියලක් හෝ පරිත්‍යාග කිර‍මේ ප්‍රතිපලය ලෙස මෙම ඓතිහාසික ආධාර ප්‍රමාණය ටික කාලයක් තුළ ගලා ආවේය.

ඇතිවූ අති දුෂ්කර තත්ත්වය හේතුවෙන් කේරළයේ විපතට පත්වුවන් මුදවා ගැනීමේ පදනම වෙත ඉන්දියානු රුපියල් කෝටි 14කට ආසන්න ප්‍රමානයක් ගලා ආවේය.

එය කේරළය මුහුණ දුන් විපත සඳහා ඉන්දීය මධ්‍යම ආණ්ඩුවෙන් ලැබුණු මුදලට වඩා වැඩි විය. මධ්‍යම රජයෙන් ලැබී තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 600කි.

මෙතරම් මුදලක් ආධාර ලෙස ලැබෙන්නට දායක වූ පිරිස ආසන්න වශයෙන් ලක්ෂ 4කි. සමස්ත මුදල වූ කෝටි 713.92 තුළ බැංකු තැන්පතු සහ අන්තර්ජාලය ඔස්සේ සිදු කළ තැන්පතු කෝටි 43ක යටිනාකමින් යුක්ත වූ අතර කෝටි 518ක් දේශීය වශයෙන් පරිත්‍යාග කර තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි