×

ගංවතුරෙන් ගොඩ එන කේරළය සර්පයන් ගිල ගනී.

ගංවතුර අනතුරු සඳහා සූදානමින් සිටි රෝහල් මේ වන විට සර්පයන්ගෙන් වන අනතුරු සඳහා සූදානමින් සිටී.


සියවසයේ වාර්ථා වූ දරුණුතම ගංවතුරට නෙබෝදා මුහුණ දී හෙම්බත් වී සිටින දකුණු ඉන්දියාවේ කේරළ වැසියන්ට ඉන් ඉක්බිති හුස්මක් ගන්නටත් පෙර තවත් නොසිතූ විරූ තර්ජනයකට මුහුණ දෙනන්ට සිදුව තිබේ.

ඒ සර්පයන් නිසා ඇතිවිය හැකි ජීවිත තර්ජනයයි.

ගංවතුර නිසා අනතුරට පත්වූ ප්‍රදේශ බෙහොමයකින් මේ වන විට ජලය බැසයාමත් සමග ඉතා අධික ප්‍රමාණ වලින් සර්පයින් අල්ලා ගෙන ඇතැයි වාර්ථා වේ. බලධාරීන් අසරණ වී සිටින කේරළ වැසියන්ට දන්වා සිටිනේ ගංවතුරට හසුවූ නිවෙස් තුළ සර්පයන් සිටිය හැකි බවයි.

එමෙන්ම ගංවතුර නිසා අනතුරට පත් වූ ප්‍රදේශවල මෙතෙක් ගංවතුර අනතුරු සඳහා සූදානමින් සිටි රෝහල් මේ වන විට සර්පයන්ගෙන් වන අනතුරු සඳහා සූදානමින් සිටී. එමෙන්ම බොහෝ රෝහල් වල මේ වන විටත් සර්පයන් නිසා අතතුරට ලක් වූ පිරිස් ප්‍රතිකාර ලබමින් සිටී.

400 කට වැඩි පිරිසක් මරා දැමූ කේරළයේ ගංවතුර මිලියනයකට අධික පිරිසකට උන්හිටි තැන් අහිමි කළේය. දහස් ගණනක් මේ වන විට සිටින්නේ සහන කඳවුරු තුලයි.
ජලය බැස ගිය කේරළයේ බොහෝ පුදේශ වල මේ වන විට අධික වශයෙන් දැකිය හැකි සර්පයන් මෙන්ම ගෝනුස්සන් වැනි විෂ සහිත සතුන්ද තවත් කෘමී වර්ගද ජනතාව නැති නිවෙස් අරක් ගෙන සිටියි.

සමාජමාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වූ ඡායාරූපයක කාන්තාවක් අඩි 10ක් දිගැති පිඹුරෙකු සිය නිවෙස් තුළට ඇතුල් වීම වළක්වනු දැක්වෙන ඡායාරූපයක් පසුගියදා දැකිය හැකි විය. ඒ තරමටම ගංවතුරට පසු සර්පයන් ඔවුන්ගේ ජීවිත වලට තර්ජනයක් වී ඇත.

කේරළයේ සර්පයන් හසුරවන්නකු ගේ ප්‍රකාශයක් දක්වන හිංදුස්ථාන් ටයිම්ස් පුවත් පත වාර්ථා කරන්නේ එර්නාකුලම් දිස්ත්‍රික්කයේ පමණක් නාගයින් 5 දෙනෙකු ඔහුට හමුවී ඇති බවයි. නිවෙල් වල ඇඳුම් අල්මාරි වැනි ස්ථාන වල මෙම සර්පයන් සැඟව සිටියදී හමුවී ඇත‍.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි