×

සුරතල් කෝලාවන්ගේ, ජීවිත අනතුරේ.

ක්ලැමිඩියා නම් ලිංගික සම්ප්‍රේෂිත රෝගය හේතුවෙන් ඔවුන් බොහෝමයක් වඳ භාවයට මෙන්ම අන්ධ භාවයටද පත් වී ඇත


මිහිපිට උපන් සුරතල්ම ජීවියා ලෙස සැළකෙන කෝලා koala සතුන් මිහිපිට වෙසෙන අවාසනාවන්තම සතුන්ගෙන්ද අයෙකි.

ඔස්ට්‍රේලියාවේ සිටින ලොව ඉතාමත් සුප්‍රසිද්ධ ට්‍රි හගර් වරු හෙවත් කෝලාවන් ලිංගික සම්ප්‍රේෂිත රෝගයකින් ඉතා දරුණු ලෙස පීඩා විඳිමින් සිටී. එපමණක්ද නොව සුනඛයන්ගෙන් එල්ල වන ප්‍රහාරයන්ගෙන් මෙන්ම වාහන අනතුරු වලට හසුවීමෙන්ද මේ වන විට ඔවුන්ගේ ජීවිත අහිමි වෙමින් පවතී.

මේ වන විට ඔවුන්ගෙන් බොහොමයක් පීඩා විඳිමින් සිටින ක්ලැමිඩියා නම් ලිංගික සම්ප්‍රේෂිත රෝගය හේතුවෙන් ඔවුන් බොහෝමයක් වඳ භාවයට මෙන්ම අන්ධ භාවයටද පත් වී ඇත.
මේ පිළිබඳව පර්යේෂණ කටයුතු වල නියැලෙන සත්ව විද්‍යාඥයින් පවසන්නේ ඔවුන් අතර මෙම රෝගය පැතිරීම වැළැක්වීම අපහසු වුවත් කෝලාවන් රැක ගැනීම සඳහා ඊට සුදුසුම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි. ඒ සඳහා කෝලාවන්ගේ ජාන පිළිබඳව පර්යේෂන කටයුතු මේ වන විටත් සිුවෙමින් පවතී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි