×

K-pop සංස්කෘතිය නිසා ලෝකය පුරා කොරියානු බස ඉගෙනීමේ සීග්‍ර වර්ධනයක්

K-pop සංස්කෘතිය ලෙස මෙය අද හැඳින්වෙන අතර කොරියාවේ ජනප්‍රිය පොප් සංගීතය මෙයට හේතුවක් වන්නට ඇති බව මේ පිළිබඳව කළ පර්යේෂණයකදී අනාවරණය වී ඇත


ලෝකයේ කොරියානු බස හදාරන්නන් සංඛ්‍යාව සීග්‍රයෙන් වැඩි වී ඇති බව අනාවරණය වේ.

ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව තායිලන්තය,මැලේෂියාව ආදී රටවල් හී කොරියානු භාෂාව හදාරන්නන් වැඩි වීමේ ප්‍රවණාතාවක් දැකිය හැකිය.

K-pop සංස්කෘතිය ලෙස මෙය අද හැඳින්වෙන අතර කොරියාවේ ජනප්‍රිය පොප් සංගීතය මෙයට හේතුවක් වන්නට ඇති බව මේ පිළිබඳව කළ පර්යේෂණයකදී අනාවරණය වී ඇත. ඊට අමතරව කොරියානු චිත්‍රපට හා රූපවාහිනි නාට්‍යයද මේ සංස්කෘතියේ අංග බවට පත් වී ඇත.

ඇමරිකානු විශ්ව විද්‍යාලයේ Modern Language Association විසින් මෙම පර්යේෂණය සිදු කර ඇත. ලෝකයේ අනෙකුත් භාෂා හැදෑරීමේ ප්‍රවණතාව අඩු වෙමින් පවතින අතර 2013-2016 අතර කාල පරාසය තුළ කොරියානු භාෂාව ඉගෙනීම 14%කින් වැඩි වී ඇත.
නවතම සංඛ්‍යා ලේඛන වලට අනුව ඇමරිකානු ශිෂ්‍යයින් 14000ක් කොරියානු බස හදාරන අතර මීට දශකයකට පෙර 163 කොරියානු බස හදාරා ඇති ඇමරිකානු ශිෂ්‍යයින් ගණන 163ක් වේ.

K-pop සංස්කෘතියේ ප්‍රතිපලයක් ලෙස භාෂා ඉගැන්වීමේ වෙබ් අඩවියක් වන ඩුවොලින්ගෝ Duolingo විසින් හඳුන්වා දී ඇති කොරියානු භාෂා පාඨමාලාව සඳහා 200000 ශිෂාවන් සංඛ්‍යාවක් පසු ගිය වසරේ පමණක් ලියා පදිංචි වීමෙන්ද එය සනාථ වේ.

ටොරන්ටෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇන්ඩෘ ස්මිඩ් පවසන පරිදි මීට වසර 10කට පෙර කොරියානු බස හැදෑරීමට ශිෂ්‍යයින් 30 දෙනෙක් පමණක් එක්ව ඇති අතර මේ වන විට ශිෂ්‍යයින් 150කට අධික සංඛ්‍යාවක් ඊට සහභාගී වේ.

කොරියානු ඉතිහාසය හැදෑරීම සඳහාද එවැනිම අයුරින් සිසුන් වැඩිවීමක් දැකිය හැකි වේ.

ඇල්ජීරියාවේද මෙම තත්ත්වය ඉතා සීග්‍රයෙන් වර්ධනය වන අතර K-popසංස්කෘතිය අනුගමනය කරමින් තරුණ පරම්පරාව සිය එදිනෙදා කථා කරන භාෂවට සමහර කොරියානු වචන යොදා ගනිමින් සිටින බවද අනාවරණය වී ඇත.

මේ පිළිබඳව අවධානය යොමු කරමින් දකුණු කොරියාව ලෝකයේ රටවල් 50ක කොරියානු භාෂා මධ්‍යස්ථාන ආරම්භ කිරීමට පියවර ගෙන ඇත‍



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි