×

ලොව තිදෙනෙක් පමණක් දන්නා බස ”බාදේෂි”

සදහටම සමුගත් භාෂාවක් ලෙස නම් කළද වසර 4කට පසු එබසින් කථා කරන තිදෙනෙක් හමුවෙයි


සදහටම පෘථිවියට අහිමි වන සංස්කෘතිකාංග  අතරේ භාෂාවන්ද එකකි. ලෝකයේ පැවතුණ භාෂාවන් බෙහොමයක් මේ වන විටද අභාගයට ගොස් තිබේ. එවැනි අභාගයට යන භාෂා අතර බාදේෂී Badeshi යනු ලොව පුද්ගලයින් තිදෙනෙක් අතර පමණක් භාවිතා වන්නකි.

ඔවුන් මිය ගිය කළක බාදේෂී භාෂාව සදහටම ලෝකයට සමුදෙන්නේය.
බාදේෂී භාවිතයට ගන්නා මේ මිනිසුන් වාසය කරන්නේ උතුරු දිග පකිස්ථානයේ බිෂිග්‍රැම් නිම්නයේය. බිෂිග්‍රැම් යනු හිමෙන් වැසී ගිය මෙන්ම දුෂ්කර මංමාවත් වලින් පිරුණු එකකි.

මීට පරම්පරා තුනකට පමණ පෙර මේ බාදේෂී බස ලෝකයෙන් තුරන් වූ බවට තීරණය විය. ඒ 2014 වසරේදීයි. නමුත් 2018 මෙම වසරේදී බී බී සී සේවය විසින් බාදේෂී බස හසුරුවන මෙම පුද්ගලයින් තිදෙනා සොයා ගන්නා ලදී.

අද වන විට එම ප්‍රදේශයට නව භාෂාවක් පැමිණ ඇති අතර එය ටොර්වාලී නම් විය . නව පරපුරේ සියල්ලන් කැමති මෙම භාෂාව හසුරවන්නටයි.

දැනටද මේ බිෂිග්‍රෙම් වැසියන් තිදෙනෙක් පමණක් අතර ඇති සන්නිවේදන උපකරනය වන බාදේෂි භාෂාව මිය ගිය භාෂාවකි.

රහීම් ගුල් , ෂේඩු ගුල් සහ රාහිම් ගුල් යන පුද්ගලයින් අද මේ භාෂාවේ එකම උරුමකරුවන් වේ.
බාදේෂී යනු ඉන්දු ඉරාන භාෂාවන් අතරින් එකකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි