×

ඉන්දුනීසියාවේ භූමිකම්පාවක්, 10ක් ජීවිතක්ෂයට.

මේ හේතුවෙන් අදාල ප්‍රදේශයේ නිවාස රැසකට හානි සිදු වී ඇත.


අද උදෑසන ඉන්දුනීසියාවේ ඇති වූ භූමිකම්පාවක් හේතුවෙන් අඩුම තරමේ පුද්ගලයින් 10 පමණ මිය ගොස් ඇත. රික්ටර් මාපකයේ 6.4 සටහන් වී ඇති මෙම භූමි කම්පාව සිදුව තිබෙන්නේ ඉන්දුනීසියාවේ සංචාරක කර්මාන්තය සඳහා සුප්‍රසිද්ධ ලොම්බෝක් Lombok දිවයිනේය. අනතුර නිසා තුවාල ලැබූ පිරිස 40 දෙනෙකු ලෙස මේ වන විට ගණන් බලා ඇත‍.

මේ හේතුවෙන් අදාල ප්‍රදේශයේ නිවාස රැසකට හානි සිදු වී ඇත.

ප්‍රධාන භූමි කම්පාවට අමතරව ඉන් පසු තවත් භූමිකම්පාවක් වාර්ථා වී තිබේ.

මින් පෙර 2004 වසරේ ඇතිවූ රික්ටර්මාපකයේ 9.3ක් වන භූමිකම්පාව නිසා සුමාත්‍රා වෙරලාශ්‍රිතව සුනාමී තත්ත්වයක් හටගත් අතර ඒ් හේතුවෙන් ඉන්දුනීසියානුවන් 168000ක් ද ඇතුළු  ඉන්දීයන් සාගරය ආශ්‍රිත රටවල මිය ගිය සංඛ්‍යාව 220000ක් විය .



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි