×

‘Made in India’ ප්‍රථම යුධ ටැංකි එන්ජිම ඉන්දීය හමුදාව අතට.

මෙතෙක් ඉන්දියාව විසින් මෙවැනි යුධ උපකරණ මිලදී ගනු ලැබුවේ රුසියාවෙනි.


ඉන්දියාව විසින් සිය රට තුළම නිෂ්පාදනය කරන ලද ප්‍රථම යුධ ටැංකි එන්ජිම ඊයේ ඉන්දීය හමුදාව වෙත භාර දෙනු ලැබිණි. T-72 අජය සහ T-90 බිෂ්මා යන නම් වලින් හඳුන්වා ඇති යුධ ටැංකි එන්ජින් දෙකක් ඉන්දියාව මෙසේ නිෂ්පාදනය කර ඇති අතර ඒවා V-46-6 සහ V92S2 වර්ගයේ අධි බලැති එන්ජින් වේ. ඉන්දීය යුධෝපකරණ නිෂ්පාදන ආයතනය වන චෙන්නා යී පිහිටි Engine Factory Avadi (EFA) විසින් මෙම නිෂ්පාදන සිදු කරනු ලැබීය.

මෙතෙක් ඉන්දියාව විසින් මෙවැනි යුධ උපකරන මිලදී ගනු ලැබුවේ රුසියාවෙනි. ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන් පවසන පරිදි මෙම එක් නිෂ්පාදනයක් මඟින් ඉන්දීය භාණ්ඩාගාරයට ඉතිරි වන මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 35ක් පමණ වෙයි. ඇය පවසන්නේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ අභිප්‍රායක් වූ Made in India සංකල්පය Make in India බවට පත් කිරීම් වෑයම අතිසාර්ථකවී ඇති බවයි. අනාගතයෙදී ලෝකයේ තවත් රටවල් වෙනුවෙන් තමන් දියුණු කළ තාක්ෂණය අලෙවි කරන්නට හැකි වනු ඇති බවද ඇගේ අදහස විය.

මෙම නිෂ්පාදනය සිදු කළ EFA සමාගම එරට යුධ හමුදා නිරීක්ෂණය යටතේ 1987 වසරේ සිට මෙතෙක් ඉන්දීය හමුදාව සඳහා විවිධ එන්ජින් 12000ක් පමණ නිෂ්පාදනය කර ඇත‍



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි