×

සෞදි කතක් හා එළිමහනේ අහාර ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට.

සෞදි ආරාබියේ රැකියා ස්ථාන , ආහාර ගන්නා ස්ථාන හෝ මැක්ඩොනල්ඩ්ස්, වැනි ස්ථාන වල දී කාන්තා හා පිරිමි දෙපාර්ශවය වෙන වෙනම අසුන් ගත යුතු වීම සවුදි අරාබියේ නීතියයි.


කාන්තාවක හා එළිමහනේ උදෑසන ආහාරය ගැනීමේ වීඩියෝවක් ට්විටර් සමාජ මාධ්‍යයේ පළ කළ පුද්ගලයෙක් අත් අඩංගුවට ගනීමට සෞදි අරාබී පොලීසිය කටයුතු කර ඇත.
ඊජිප්තු ජාතිකයෙක් වූ මේ පුද්ගලයා සම්පූර්ණයෙන්ම සිය සිරුර ආවරණය කර ගත් සෞදි අරාබියේ කාන්තාවක් යැයි සැක කළ හැකි කාන්තාවක සමග උදෑෂන ආහාරය ගනිද්දී ඔහු විසින් වීඩියෝ කර ඇත.

සෞදි ආරාබියේ රැකියා ස්ථාන , ආහාර ගන්නා ස්ථාන හෝ මැක්ඩොනල්ඩ්ස්, වැනි ස්ථාන වල දී කාන්තා හා පිරිමි දෙපාර්ශවය වෙන වෙනම අසුන් ගත යුතු වීම සවුදි අරාබියේ නීතියයි. විශේෂයෙන්ම අවිවාහක පිරිමින් සමග කාන්තාවන් හිඳ ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.
අඩුම තරමේ සෞදි අරාබියේ කාන්තාවන් ව්‍යායාම කිරීමට එළිපහළියට යා යුත්තේ සිය භාරකරු සමගිනි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වෙත එරට රජය විසින් චෝදනා කිහිපයක් යටතේ දඩුවම් ලබා දීමට සූදානමින් සිටී. සෞදි ආරාබි නීතිය කඩ කිරීම හා අපහාස කිරීම ඔහුගේ ප්‍රධානතම වරදයි.

#”an Egyptian having breakfast with a Saudi” ලෙස පළ වූ ටිවිටර් සමාජමාධ්‍ය ජාලයේ 113000 වරක් නරඹා ඇති මෙම වීඩියෝවේ කාන්තාව සහ අදාල පුද්ගලයා විහිලි තහළු කරමින් ආහාර ගන්නා අතර අවසානයේ කාන්තාව ඊජිප්තු ජාතිකයාට කවන අයුරු දැක්වේ.

මේ පිළිබඳව සවුදි ආරාබියේ මාධ්‍ය ජාලා වල කථා බහට ලත් වන්නේ දඩුවම් ලැබිය යුතුතේ පිරිමි පුද්ගලයා නොව කාන්තාව බවයි. මේ පිළිබඳව සෞදි අරාබි කාන්තාවක් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමානි පවසා තිබු‍නේ
” මම සෞදි කාන්තාවක් , සැබවින්ම ඔවුන්ට දඩුවම් කළ යුතුයි. සිනාසෙමින්, මෙසේ හැසිරීම ගැන .. කෝ ඔබේ සීමාවන්.?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි