×

වාමාංශික අපේක්ෂක ලෝපේස් ඔබ්රඩෝර් මෙක්සිකෝ ජනපතිවරණයෙන් ඉදිරියට

ප්‍රතිපල අතරින් ජයග්‍රහණය පිළිබඳව දැඩි විශ්වාසයකින් සිටි හිටපු පාලක පක්ෂයේ අපේක්ෂක ජොසේ ඇන්ටෝනියෝ මේඩේ ලබා ගත්තේ තෙවන ස්ථානයයි.


මෙක්සිකොවේ ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් නව ජනපති වරයෙක් තේරී පත් වීමට නියමිතය. පළමු වටයේ ගණන් කිරිම් වලට අනුව වාමාංශික පෙරමුණ නියෝජනය කරමින් ජනපතිවරණය සඳහා සහභාගී වූ ලෝපේස් ඔබ්රඩෝර් Andres Manuel Lopez Obrador ඉදිරියෙන් සිටී. ඔහු විසින් සමස්ථ ඡන්ස ප්‍රතිඵලයෙන් 53 ලබා ගිනිමින් මෙම ජයග්‍රහණය ලබා ගෙන ඇති අතර පාලක පක්ෂයේ අපේක්ෂක හිටපු ආර්ථික කටයුතු අමාත්‍යවරයා ජොසේ ඇන්ටෝනියෝ මේඩේ  José Antonio Meade ලබා ගත්තේ තෙවන ස්ථානයයි. ඔහුගේ මෙම ජයග්‍රහණයත් සමග දශක පහක් තිස්සේ ප්‍රධාන පක්ෂ දෙකක් අත හුවමාරු වෙමින් තිබූ මෙක්සිකෝ පාලනයෙහි වෙනස්ක් ඇති වනු ඇත.

මේ වන විට ඉදිරියෙන් සිටින් ලෝපේස් ඔබ්රඩෝර් මෙවර සිය මැතිවරණ ප්‍රචාරණයේදී ජනතාව වෙත පොරෝන්දු වී සිටියේ තමන් විසින් මේ වන විට රටේ පවතින දූෂණ හා අපරාධ රැල්ල නවතා දමන බවයි.

ජාත්‍යන්තර දූෂණ විනිවිද තා දර්ශකයට අනුව ලෝකයේ රටවල් 180 අතරින් 135 වන ස්ථානයේ පසුවේ.

සමීක්ෂණ වාර්ථා පෙන්වා දෙන්නේ බහුතරයක් මෙක්සිකෝ ජනතාව විශ්වාස කරනුයේ පවතින රජයට දූෂණ මර්ධනය කිරීමේ හැකියාවක් නොමැති බවයි.

පසුගිය වසරේ මෙක්සිකෝව වඩාත්ම අපරාධ සිදුවන රටක් ලෙස වාර්ථා ගත වූ අතරඑරට රජයේ සංඛ්‍යාලේඛන අනුව 2018 වන විට සෑම පැයකම මෙක්සිකෝව තුළ පුද්ගල ඝාතන 4ක් සිදු වේ.

මිලියන 50ක ජනගහණයක් ඇති මෙක්සිකෝවේ 127.5 ජනතාව දිළිඳු බවේ රේඛාවෙන් පහත ජීවත් වෙන්නෝය‍ එක්සත් ජාතීන්ට අනුව එරට ඉතා සීමිත පිරිසක් අත පමණක් රටේ ධනය බෙදී ගොස් ඇත‍.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි