×

මෙක්සිකෝවේ ජනතිවරණය අද

මෙවර මැතිවරණය මෙක්සිකො මැතිවරණ ඉතිහාසයේ විශාලතම මැතිවරණයයි.


මෙක්සිකෝවේ නව ජනපතිවරයෙක් සහ නව කොන්ග්‍රස් මණ්ඩල නියෝජිතයන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද පැවැත්වේ.

මෙවර මැතිවරණය මෙක්සිකො මැතිවරණ ඉතිහාසයේ විශාලතම මැතිවරණයයි. මෙවර මැතිවරණයේදී තනතුරු 3400ක් සඳහා තරඟකෙරේ. ඒ ජනපතිවරයා, කොන්ග්‍රස් මණ්ඩල දෙක සඳහා නියෝජිතයින්ද ඇතුළුවයි.

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේදී එරට ජනයාගේ විශේෂ අවධානය ආරක්ෂාව,දූෂණ ක්‍රියා සහ දිළිඳ බව යන මූලික සමාජ ගැටළු කෙරෙහි යොමු වී ඇත‍.

ජාත්‍යන්තර දූෂණ  විනිවිද තා දර්ශකයට අනුව ලෝකයේ රටවල් 180 අතරින් 135 වන ස්ථානයේ පසුවේ.

සමීක්ෂණ වාර්ථා පෙන්වා දෙන්නේ බහුතරයක් මෙක්සිකෝ ජනතාව විශ්වාස කරනුයේ පවතින රජයට දූෂණ මර්ධනය කිරීමේ හැකියාවක් නොමැති බවයි.

පසුගිය වසරේ මෙක්සිකෝව වඩාත්ම අපරාධ සිදුවන රටක් ලෙස වාර්ථා ගත වූ අතරඑරට රජයේ සංඛ්‍යාලේඛන අනුව 2018 වන විට සෑම පැයකම මෙක්සිකෝව තුළ පුද්ගල ඝාතන 4ක් සිදු වේ.

මිලියන 50ක ජනගහණයක් ඇති මෙක්සිකෝවේ 127.5 ජනතාව දිළිඳු බවේ රේඛාවෙන් පහත ජීවත් වෙන්නෝය‍

එක්සත් ජාතීන්ට අනුව එරට ඉතා සීමිත පිරිසක් අත පමණක් රටේ ධනය බෙදී ගොස් ඇත‍
මෙවර මැතිවරණයේ දී මේ සියල්ල කෙරේ මෙක්සිකෝ ජනතාවගේ අවධානය යොමු කරනු ඇතැයි බලාපොරෝත්තු වේ.

මැතිවරණ ප්‍රචාරණ කටයුත් ආරම්භ කළ පසුගිය වසරේ සැප්තැම්බරයේ සිට මේ වන විට ඡන්ද අපේක්ෂකයින් මෙන්ම දේශපාලන සහායකයින් 130 දෙනෙකු ඝාතනය කර ඇත.
මෙවර ජනාධිපති වරණය සඳහා හිටපු ජනපති ඇන්ඩ්‍රස් මැනුඑල් ලේපේස් ඔබ්රාඩර් හෙවත් AMLO ද තරඟ කරයි .



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි