×

මැදපෙරදිග රාජ්‍යයෝ කැනඩා තානාපතිවරුන් නෙරපති.

සෞදි කැනඩා සෘජු ගුවන් ගමන් නවතී.


සෞදි අරාබිය සිය කැනඩාව සමග සිය රාජතාන්ත්‍රික සම්බන්දතා නවත්තන්ට ක්‍රියාමාර්ග ගනිමින් සිටී.

ඒ අනුව මෙතෙක් කැනඩාවේ ටොරෝන්ටෝව වෙත ගිය සෞදි ආරාබියේ රාජ්‍ය ගුවන් සේවයේ සෘජු ගුවන් ගමන් නවතා ඇත.

සෞදි අරාබිය මෙම තීරණය ගෙන ඇත්තේ සමාර් බාදවී නැමති මානව හිමිකම් ක්‍රියාකාරිනිය නිදහස් කරන ලෙස කැනඩාව වෙතින් සෞදි අරාබිය වෙත කරන ලද බලපෑමද සමගිනි.

සමාර් බාදවී යනු සෞදි අරාබිය විසින් සිරගත කළ බ්ලොග් අඩවි මාද්‍ය වේදියෙක් වු රායිෆ් බාදවී ගේ සොයුරියයි. ඇය මේ වන විට ඇමරිකානු සහ සෞදි අරාබිය අතර මානව හිමිකම් කටයුතු සිදු කරමින් සිටි.

මීට අමතරව මැදපෙරදිග රටවල් කිහිපයක් කැනඩාව සමග සියළු වෙළඳ කටයුතු නවතා ඇති අතර එම රටවල තානාපතිවරුන්ද ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍ය වරයා පවසන්නේ මෙසේ තානාපතිවරුන් නෙරපීම සුළුකොට තැකිය නොහැකි බවයි. ඔහු පවසන්නෙ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් කැනඩාව සෑම විටකම කටයුතු කරන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි