×

පූජකයන් 300ක්, ළමුන් 1000ක් දූෂණය කරයි. ඇමරිකානු ඉතිහාසයේ විශාලතම ළමා අපහරණ විමර්ශනය

ඇමරිකානු ඉතිහාසයේ කතෝලික පල්ලියක් තුළ සිදුවූ විශාලතම ලිංගික දූෂණ ක්‍රියාව මෙය වෙයි.


දශක දෙකක කාලයක් තුල පෙන්සිල්වේනියාවේ පූජකයන් 300ක් දෙනාට ලිංගික දූෂණ චෝදනා එල්ල වී ඇත. ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ ජූරියේ වාර්තා විසින් අනාවරණය කර ඇත්තේ ඔවුන් විසින් හිංසනයට ලක් කළ දරුවන් සංඛ්‍යාව 1000කට අධික වන බවයි.

ඇමරිකානු ඉතිහාසයේ කතෝලික පල්ලියක් තුළ සිදුවූ විශාලතම ලිංගික දූෂණ ක්‍රියාව මෙය වෙයි.මේ පිළිබඳව සිදු කළ විමර්ශනයට අදාලව පිටු 900කින් යුක්ත වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

මෙම වාර්තාව පවසන්නේ මින් පෙරද කතෝලික පල්ලි තුල ලිංගිත දූෂණ පැමිණිලි විමර්ශන සිදුව තිබුණද මෙතරම් විශාල ප්‍රමාණයක් වාර්ථාවන පළමු අවස්ථාව මෙය බවයි.

මෙම ලිංගික දූෂණයන් නිසා ගැබ්ගත් ගැහැණු දරුවන් ගබ්සා කිරීම් වලට ලක්කර ඇත. තවත් සමහර පූජකයන් කුඩා දරුවන් සිය වාසස්තාන වල තබා ගනිමින් වසර ගණනාවක් තිස්සේ අපහරණය කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි